අද දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කෑගල්ල නගරයේ පැවැත්වූ 26 වන ඉල්මහ විරු සමරුවට එම පක්ෂයේ සාමාජිකයින් හා හිතවතුන් විශාල පිරිසක් සහභාගිවී තිබුණි.
එම විරු සමරු අවස්ථාවට පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහභාගිවී සිටි අතර ඉල්මහ විරු සමරුවේදී එම අරගලයේදී දිවි පුද කළ අයගේ අත්දැකීම් වත්මන් දේශපාලන මොහොතට අදාලව අප කෙසේ සකස් කරගත යුතුද යන්න ගැන පැමිණි සිටි පිරිස සමග සංවාදයක්ද සිදුකරන ලදී.
විශේෂයෙන් එම අවස්ථාවට සහභාගීවී සිටි අය අතර 1989 වසරේ අත්අඩංගුවට ගෙන ඝාතනය කරන ලද රංජිදම් ගුණරත්නම්ගේ මෑණීයන් හා නැගණියද සහභාගිව සිටි.
පහත පළවන්නේ එහි ඡුායාරූප කිහිපයකි.





