ආණ්ඩුව පොරොන්දු වූ මාධ්‍ය නිදහස දිගට හරහට දෙන්නයි යන්නේ

media freedom

ඇවන්ට්ගාඩ් සමාගමේ ප්‍රධානි විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති උපුටා දක්වමින් අමාත්‍යවරුන් පිරිසකගේ කීර්තිනාමයට අපහාස වන ආකාරයේ ලිපියක් පල කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට (10) පෙ.ව. 10.00ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස ‘සත්හඬ’ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුභාෂ් ජයවර්ධන වෙත දැනුම් දී තිබේ.

ඇමතිවරුන් විසින් ලිපියක් මගින් පොලිස්පතිවරයාට කළ පැමිණිල්ල මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කරන ලද කැඳවීමක් අනුව ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් ද ඊයේ (08) පැය 3කට ආසන්න කාලයක් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දී තිබුනි.

සේනාධිපතිගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර වාරයේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකු හත් අට වතාවක්ම දුරකථන ඇමැතුම් දෙමින් සේනාධිපතිව අත් අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කළද ඔහුව ඊයේ දිනයේදී අත්අඩංගුවට ගෙන නොමැත.