කුමාර් ගුණරත්නම්ගේ දේශපාලන අයිතිය ඉල්ලා විරෝධතා පාගමනක්

kumar photo 1

 මේවන විට අත්අඩංගුවටගෙන සිටින කුමාර් ගුණරත්නම් පිටුවහල් කිරීමේ කුමන්ත‍්‍රණය නවතා ඔහුගේ දේශපාලන අයිතිය පිළිගන්නා ලෙසත්, මර්දනය නිසා විදේශගතවීමට සිදු වූ සියලු දෙනාට ලංකාවේ ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන ලෙසත් ආණ්ඩුවට බලකිරීම සඳහා විරෝධතා පාගමනක් පැවැත්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීරණය කර තිබේ.

මෙම විරෝධතා පාගමන දෙසැම්බර් 08 (අද) දින සවස 2.00ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් ආරම්භ බව බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.