Lanka Views | Views of the truth http://lankaviews.com Views of the truth Fri, 29 Sep 2017 11:13:29 +0000 en-US hourly 1 http://lankaviews.com/wp-content/uploads/2017/07/eye.png Lanka Views | Views of the truth http://lankaviews.com 32 32 විද්‍යා ඝාතන සැකකරු ආරක්ෂා කළ චෝදනා – විජයකලා අත්අඩංගුවට ගන්නැයි හර්තාලයක් ! http://lankaviews.com/jaffna-hartal-demanding-arrest-of-wijayakala/ http://lankaviews.com/jaffna-hartal-demanding-arrest-of-wijayakala/#respond Fri, 29 Sep 2017 11:00:41 +0000 http://lankaviews.com/?p=21411 පුන්කුඩුතිව් පාසල් සිසුවිය විද්‍යා පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුට පැනයාමට උපකාර  කළ ළමා කටයුතු බාර රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් ඇතුලූ පිරිස අත්අඩංගුවට ගන්නට බලකරමින් යාපනයේ හර්තාලයක් සංවිධානය කර ඇත.

හෙට (30) යාපනයේ මෙසේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වීමට කිසියම් පිරිසක් සංවිධාන කටයුතු කරන බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී ඇත. මේ හර්තාල් ව්‍යාපාරය පිළිබද පෝස්ටර් යාපනය නගරය අවට අලවා තිබෙන බවද වාර්තා වෙයි. ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් මුදා හැරීයේ යැයි විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිවරියට චෝදනා එල්ල වී ඇත. හෙළිව ඇති අන්දමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ රාජ්‍ය ඇමතිවරියගේ උපදෙස් මත ස්විස්කුමාර් කොළඹට කැදවාගෙන විත් මුදා හැර ඇත. මෙම චෝදනාව නිසා අත්අඩංගුවට ගෙන සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අගෝස්තු 8 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 25වැනිදා නියෝග කළේය. එහෙත් පොලිසියට බලපෑම්කර සැකකරු කොළඹට යවන්නට කටයුතු කළ විජයකලා රාජ්‍ය ඇමතිවරිය අත්අඩංගුවට ගතයුතු යැයි මතයක් ජනතාව අතර තිබේ.

]]>
http://lankaviews.com/jaffna-hartal-demanding-arrest-of-wijayakala/feed/ 0
මහමග හිගා කාපු මුදල් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදහස් කරගන්න නොදෙයි ! http://lankaviews.com/begged-money-not-given-to-anusha-and-lalith/ http://lankaviews.com/begged-money-not-given-to-anusha-and-lalith/#respond Fri, 29 Sep 2017 09:50:09 +0000 http://lankaviews.com/?p=21406 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ලේකම් ලලිත් වීරතුංගට සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටට නියම වූ දඩ මුදල භික්ෂුන් පිරිසක් විසින් සිගා යාමෙන් උපයාගත් මුදල් එම කාරණය සදහා නොදී රණවිරු සුබසාධනයට ලබාදෙන බව ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රකාශ කරයි.

රාජ්‍ය අරමදුල් රු. මිලියන 600ක් අවභාවිත කිරීමේ වරදට සිරගත කළ ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිටට නියම වූ දඩමුදල් ගෙවීම සඳහා පිහිටුවා ගනු ලැබූ සිල් රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදලට රු. 287,828 ක මුදලක් එකතු වූ බව එම අරමුදලේ භාණ්ඩාගාරික පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ප්‍රකාශ කළා.
අද (29) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ එම මුදල් රණවිරු සුබසාධනය සඳහා යෙදවීමට තීරණය කළ බවයි.

සිල්රෙදි නඩුවට අදාළව මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට සහ අනූෂ පැල්පිටට වසර 3 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ අතර, රුපියල් ලක්ෂ 20 බැගින් දඩ සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට රුපියල් මිලියන 50 බැගින් වන්දියක් ගෙවන්නට නියෝග කෙරිණි. අදාළ දඩ සහ වන්දි මුදල් ගෙවීම සඳහා සිල්රෙදි සිරකරුවන් සුරැකීමේ අරමුදල පිහිටුවා ගනු ලැබූ අතර, භික්ෂුන් පිරිසක් කොළඹ දී සහ කිරිබත්ගොඩදී අදාළ මුදල් එක්රැස් කිරීම සිගායන චාරිකාවල නිරත වූහ.

ඉන්පසුව රාජපක්ෂ පාර්ශ්වයට පක්ෂපාත භික්ෂුන්ගේ මෙම සිගායාම රාජපක්ෂවරුන්ගේ කලු සල්ලිවලින් දඩය ගෙවීම සුජාතකරණය කිරීමේ උපක්‍රමයක් ලෙසද ඇතැමුන් විසින් චෝදනා එල්ලකරන ලදී. එහිදී කියැවුණේ සිගායාමෙන් විශාල මුදලක් ලැබුනු බව පවසමින් ඇත්ත වශයෙන්ම පසුගිය සමයේ වංචනික ලෙස ඉපයූ එහෙත් මූලාශ්‍ර හෙලිකරල නොහැකි ධනයෙන් එම දඩමුදල් හා වන්දි ගෙවා දැමිමේ උත්සාහයක් ඇති බවයි. කෙසේවෙතත් උපයාගත් මුදල රනවිරු අරමුදලක් ලෙස ලබාදෙන්නේ ඇයිද යන්න මැදගොඩ අභයතිස්ස හිමි ප්‍රකාශ කලේ නැත.

]]>
http://lankaviews.com/begged-money-not-given-to-anusha-and-lalith/feed/ 0
ව්‍යාජ විසදුම් දෙමින් සයිටම් ප්‍රශ්නය මගහරිනවා නම් අඛණ්ඩ වැඩ වර්ජනයක් – GMOA තීරණය කරයි http://lankaviews.com/indefinite-doctors-strike-to-come/ http://lankaviews.com/indefinite-doctors-strike-to-come/#respond Fri, 29 Sep 2017 09:23:12 +0000 http://lankaviews.com/?p=21403 සයිටම් ප්‍රශ්නය විසදීම සිදු නොකර තවදුරටත් ආණ්ඩුවෙන් ව්‍යාජ විසදුම් ඉදිරිපත් කිරීම සිදුවුවහොත් කලින් නොදන්වා වුව අඛණ්ඩ වැඩවර්ජනයකට යායුතු බවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය තීරණය කර ඇත.

ඊයේ (28) දින රැස් වූ මධ්‍යම කාරක සභාව මගින් මෙම තීරණය ගත් බව එම සංගමය පවසයි. ආණ්ඩුවට වරින්වර බලපෑම් කරමින් සාකච්චා කරමින් විසදුමක් අපේක්ෂා කළද ව්‍යාජ විසදුම් ගෙන එමින් ප්‍රහ්නය මගහැර යන තත්වයක් ඇති වී තිබෙන බවත් මේ පිළිබද තීරණයක් ගන්නට සිදුව ඇත්තේ ඒ නිසා බවත් රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රකාශකයකු ජනමාධ්‍ය වෙත අනාවරනය කලේය.

වසර 8ක් පමණ ශිෂ්‍ය ව්‍යාපාරය විසින් සයිටම් විරෝධය ෙපාදු මහජන විරෝධයක් බවට ගෙනැවිත් තිබුණද ඒ පිළීබද ආණ්ඩුවට දැනෙන විරෝධයක් ගතයුත්තේ වැඩකරන ජනතාව නියෝජනය කරන වෘත්තිය සමිති විසින් බවට සමාජ මතයක් පසුගිය වසරක පමණ කාලයක් වර්ධනය විය. එසේම වෛද්‍ය වෘත්තිකයන්ට එම අරගලය පිලිබද තීරණාත්මක වගකීමක් පැවරී ඇති බව ශිෂ්‍ය ක්‍රියාකාරින්ගේ අදහසයි.  මින් පෙර විවිධ අවස්ථාවල රජයේ වෛද්‍ය නිලධාරි සංගමය වැඩ වර්ජනය සදහා ප්‍රකාශ නිකුත් කළ අවස්ථාවලදී ආණ්ඩුව විසින් සාකච්චා ලබා දෙමින් විවිධ ආකාරයෙන් එම වැඩ වර්ජන තීරණ වෙනස් කරන්නට මග පාදන ලදී. එහෙත් මේ වනවිට වෛද්‍ය වෘත්තිකයන් බිහි නොවන මට්ටමට වෛද්‍ය පීට සිසුන්ගේ පන්ති වර්ජනය දිගු වෙමින් පවතී. එසේම වරින්වර කොටස් වශයෙන් වර්ජනය කිරිමෙන් රෝගින් මුහුණ දෙන අපහසුතාවය නිසා වෛද්‍ය සේවය පිළිබද මහජන අප්‍රසාදයක් ද වර්ධනය වෙමින් පවතී. වැඩවර්ජනය කළ වෛද්‍යවරුන් පිළිබද ජනමාධ්‍යවේදින් ජනතාවගෙන් විමසූ විට ප්‍රතිචාර ලෙස ලැබෙන්නේද ආණ්ඩුව විසින් මෙම ප්‍රශ්නය විසදිය යුතු බවයි. එසේවුවද වරින්වර වර්ජනය නොකර එක්වර විසදුමක් ගතයුතු බවද ඔවුහු පවසති. වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රාදේශීය සංගම් විසින් වැඩ වර්ජන සදහා සිදුකළ බලපෑම්වලින් පසුව වැඩවර්ජනය කිරිම පිලිබද බරපතළ තීනුද්වක් ගන්නට සිදුව ඇති බවද අපගේ ආරංචි මාර්ග පවසයි.

]]>
http://lankaviews.com/indefinite-doctors-strike-to-come/feed/ 0
සයිටම් සිසුන් ගැන සාකච්ඡාවලට කළින් අර්බුදයක් ඇති කළ සයිටම් ආයතනය වසා දමන්න – GMOA http://lankaviews.com/abolish-saitm-before-focus-on-student-problem/ http://lankaviews.com/abolish-saitm-before-focus-on-student-problem/#respond Fri, 29 Sep 2017 08:51:42 +0000 http://lankaviews.com/?p=21399 සයිටම් සිසුන්ගේ අධ්‍යාපනය පිළිබද විසදුමක් පිළිබද සාකච්ඡා කරන්නට නම් පළමුව විරෝධයට හේතු වී ඇති සයිටම් ආයතනය වසාදැමීමේ තීරණය ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

විකල්ප සෙවීමට පෙර ගැටලුවක්ව පවතින සයිටම් ආයතනය වසාදැමීමේ ස්ථාවරය ප්‍රකාශ කළ යුතු බවද සයිටම් සිසුන්ට අදාළ ප්‍රශ්නය ඉන් දිවතීක කාරණයක් බවද එයට ඉන්පසුව විසදුම් සාකච්ඡා කිරීමේ බාධාවක් නැති බවද ඔහු කීය. ඔහු මේ බව ප්‍රකාශ කලේ වෛද්‍යපීඨාධිපතිවරුන් විසින් සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් SLIIT ආයතනයට මාරු කිරීමේ යෝජනාවක් සාකච්ඡාවට ගැනීම පිළිබද අදහස් දක්වමිනි.

“සයිටම් ආයතනය වසාදැමීම සහ එම ආයතනය ස්ලිට් ආයතනය වෙත පැවරීම යනු කාරනා දෙකක්. පළවැනි පියවර වෙන්නෙ සයිටම් ආයතනය අහෝසි කිරීමයි. වෙනත් විසදුමක් නෑ. දෙවනුව සයිටම් සිසුන්ට අධ්‍යාපන කටයුතු සම්බන්ධ විසදුම සාකච්ඡා කළ යුතුයි. බලධාරින් මේ කාරණා දෙක වෙන්ව ගත යුතුයි.“

සයිටම් ප්‍රශ්නය ප්‍රමුඛ ප්‍රශ්නය ලෙස විසදුමක් නොදී වෙනත් ප්‍රශ්න විසදන්නට බලධාරින් ඉක්මන්වීමෙන් සැබෑ ප්‍රශ්නය විසදීම පමා කිරිම තවදුරටත් සිදුවන බව තවදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය නවීන් ද සොයිසා පැවසීය. සයිටම් ආයතනය වෙනත් ආයතනයකට පැවරීම හෝ වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරිම වෙනත් තලයක සාකච්චාවක් බවද ඔහු අවධාරණය කළේය.

]]>
http://lankaviews.com/abolish-saitm-before-focus-on-student-problem/feed/ 0
මන්ත්‍රී විමලවීර දිසානායකගේ ජිප් රයේ ගැටී යතුරුපැදිකරුවකු මියයයි ! http://lankaviews.com/wimalaweeira-disanayaka-jeep-collides-motorist-deas/ http://lankaviews.com/wimalaweeira-disanayaka-jeep-collides-motorist-deas/#respond Fri, 29 Sep 2017 08:32:33 +0000 http://lankaviews.com/?p=21397 අම්පාර උහන මාර්ගයේ අධික වේගයෙන් ගමන්ගත් විමලවීර දිසානායක දිසානායක මන්ත්‍රිවරයාගේ ජීප් රථය අද(29) උදෑසන යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු මිය ගොස් තිබේ.

කරන්ගාව නම් ස්ථානයේදී මෙම අනතුර සිදුවනවිට යතුරුපැදිය මෙන්ම අම්පාර දෙසට ගමන්ගත් ජීප් රිය අධික වේගයෙන් ගමන්කර ඇති බව පොලිසිය පවසයි. උහන ප්‍රදේශවාසියකු වන 36 හැවිරිදි යතුරුපැදිකරු මියගිය අතර ඔහුසමග ගමන්ගත් පුද්ගලයකු බරපතල තුවාල සහිතව රෝහල්ගතකර ඇත.

]]>
http://lankaviews.com/wimalaweeira-disanayaka-jeep-collides-motorist-deas/feed/ 0
ආප්ප 22ක් පිසීමට ගෑස් සිලින්ඩරයක් උවමනාලු ! http://lankaviews.com/food-price-increased-after-gas-price/ http://lankaviews.com/food-price-increased-after-gas-price/#respond Fri, 29 Sep 2017 07:28:31 +0000 http://lankaviews.com/?p=21395 එල් පී ගෑස් සිලින්ඩරයක මිල රු.110කින් ඉහළයාමත් සමඟ ආහාර මිල අසාධාරණ ලෙස ඉහළ දැමිමට එය හේතුවක් කරගැනීම පිළිබද පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය විරෝධය පළ කරයි.

පාරිභෝගික අයිතීන් සුරැකුම් සංවිධානයේ ලේකම් වෛද්‍ය සුගත් විජේවර්ධන ජනමාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ආපනශාලා හිමියන්ගේ සංගමය පවසන මිල වැඩිකිරීමේ යෝජනා අසාධාරණ, දෝෂ සහගත සහ හාස්‍යජනක බවය. තේ කෝප්පයක මිල රු.20 දක්වාත් කිරි තේ කෝප්පයක මිල රු.40 දක්වාත් මාළු කෑම පාර්සලයක මිල රු.130 දක්වාත් ආප්පයක මිල රු.15 දක්වාත් වැඩිකළ යුතු බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පළකරන අදහස කෙසේ වත් පිළිගත නොහැකි යයි පාරිභෝගික සුරැකීම් සංවිධානය ප්‍රකාශ කරයි.
නිදසුනක් ලෙස රුපියල් 110කින් ඉහළගිය  ගෑස් මිල හේතුවෙන් ආපන ශාලා හිමියන් ආප්පයක මිල රු5කින් වැඩිකරන්නේ නම් ගෑස් සිලින්ඩරයකින් පිසිය හැක්කේ ආප්ප 22ක් පමණක් විය යුතු යැයි වෛද්‍ය සුගත් විජේවර්ධනපවසයි. ගෑස් මිල ඉහළ යෑම හේතුවෙන් මෙවන් ප්‍රෝඩාකාරී යෝජනා ගෙන එමින් අදික ලාභ උපයන්නට දරණ උත්සාහය ජනතාවගේ කළකිරිමට හේතුවන බව ඔහු පැවසීය. එසේම මෙවැනි අසාධාරන මිල ඉහළදැමීම් නිසා මෙරට සාමානය ආදායමක් අැති ජනයා ආපනශාලා වලින් ආහාර ගැනීම අවම කළ හැකි බවද එයින් ආපනශාලාහිමියන්ට අත්වන්නේ පසුබැමක් බවද වෛද්‍ය සුගත් විජේවර්ධන පෙන්වා දෙයි. තවදුරටත් අදහස් දක්වමින් මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉටු කරනු පිණිස පාරිභෝගික සේවා අධිකාරීය වහා මැදිහත් විය යුතු යැයි ඔහු අවධාරණය කරයි.

]]>
http://lankaviews.com/food-price-increased-after-gas-price/feed/ 0
යුද්ධය අවසන්ව වසර 8ක් ගෙවුණත් හමුදා කදවුරු ඉවත් කිරීමට කල් මදි ! – යුදහමුදාපති http://lankaviews.com/no-time-to-withdraw-camps-from-residential-areas/ http://lankaviews.com/no-time-to-withdraw-camps-from-residential-areas/#respond Fri, 29 Sep 2017 07:01:09 +0000 http://lankaviews.com/?p=21392 උතුරු හා නැගෙනහිර පිහිටුවා ඇති යුද හමුදා කඳවුරු කඩිනමින් ඉවත් කර ගැනීම සුදුසු නොවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසයි.

ඔක්තෝබර් 10 වැනි දිනට යෙදෙන යුද හමුදාවේ සංවත්සරය නිමිත්තෙන් පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය හමුවේදී ඔහු ඒ බව පැවසීය. පසුගිය යුද සමයේදී උතුරේ ජනතාවගේ ඉඩම් පවරාගෙන හමුද කදවුරු පිහිටුවා ඇති අතර එම කදවුරු ඉවත්කර ඉඩම් ඒවායේ හිමිකරුවන්ට නිදහස් කරන ලෙස බලවත් ඉල්ලීමක් පවතී. එහෙත් යුද හමුදාව ප්‍රකාශ කරන්නේ තවමත් එම ඉඩම් නිදහස් කරන්නට කාලය පැමිණ නැති බවයි. එසේම උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පවසන පරිදි එක් ලක්ෂ අසූදහසක යුද හට පිරිසක් උතුරේ නොමැති බවත් යුද හමුදාපතිවරයා කීවේය. රටේ ආරක්ෂාව පිළිබඳ වගකීම ජනාධිපතිවරයා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා යුද හමුදාව, ගුවන්, නාවුක හමුදා, ශ්‍රී ලංකා ‍පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය වැනි ආයතනවලට පැවැරෙන බැවින් ඒ ඒ ආයතන අදාළ පරිදි තීන්දු තීරණ ගන්නා බවද ඔහු කීවේය.

]]>
http://lankaviews.com/no-time-to-withdraw-camps-from-residential-areas/feed/ 0
ජාත්‍යන්තර භාෂා පරිවර්තක දිනය අදයි ! http://lankaviews.com/international-translation-day/ http://lankaviews.com/international-translation-day/#respond Fri, 29 Sep 2017 06:09:12 +0000 http://lankaviews.com/?p=21389 2017 මැයි මස 24 දින රැස්වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් මෙම වසරේ සිට ක‍්‍රියාත්මකවන පරිදි සෑම වසරකම සැප්තැම්බර් මස 30වන දිනය ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය ලෙස නම්කර ඇත. එ.ජා. සංවිධානයට අයත් රටවල් 12ක් විසින් අත්සන් කොට ඉදිරිපත් කරන ලද යෝජනාවක් ඡුන්ද විමසීමකින් තොරවම සම්මත කරන ලද එම යෝජනා සම්මතය තුළ එසේ භාෂා පරිවර්තකවරුන් වෙනුවෙන් දිනයක් නම් කිරීමේ හේතු පැහැදිලි කර ඇත. ඒ අනුව, විශේෂයෙන් විවිධ භාෂා ව්‍යවහාර කරන විවිධ ජාතීන්ගෙන් සමන්විත රටවල එම විවිධ ජාතීන් අතර සන්නිවේදන පාලම ලෙස කටයුතු කරමින් අන්තර් වාර්ගික අනවබෝධය දුරු කරමින් ඔවුන් අතර සාමය, සහජීවනය හා සංහිදියාව ඇති කිරීමේ ප‍්‍රධානතම කාර්ය භාරය ඉටු කරන භාෂා පරිවර්තකවරුන් විසින් ගැටුම් රහිත ලෝකයක් බිහි කිරීම වෙනුවෙන් කරනු ලබන මහගු කාර්යභාරය හදුනාගැනීම හා ඇගයීම මෙම දිනය නම් කිරීමේ මුඛ්‍ය පරමාර්ථය ලෙස එම යෝජනා සම්මතයේ දක්වා ඇත. ඒ අනුව, අර්ථාන්විත ලෙස භාෂා පරිවර්තන වෘත්තියේ අගය අවබෝධ කරගනිමින් එම වෘත්තිකයනට නිසි ගෞරවය හිමි කෙරෙන පරිදි මෙම දිනය සමරන ලෙසද එමගින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට යෝජනා කර ඇත.

විශේෂයෙන් තිස් වසරක වාර්ගික අර්බුදයකින් දස දහස් ගණනින් ජීවිත අහිමි වූ ඒ අනුව ජාතික සංහිදියාව සිය න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛතම කාර්ය භාරය වනු ඇති බවට පොරොන්දු ලබාදෙමින් බලයට පත්වූ රජයක් සහිත ශ‍්‍රී ලංකාව වැනි රටකට මෙම යෝජනාව අතිශය වැදගත් වේ. ඒ අනුව ජාතික භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් මස 30වන දින ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු සලසා ඇති බව දැනගන්නට ඇත. කෙසේ වුවද, එළැඹෙන එම සැමරුම අර්ථාන්විත එකක් නොවන අතර හුදෙක් නාම මාත‍්‍රික වූවක් පමණක් බව මෙහිලා සටහන් කළ යුතුව ඇත. මක් නිසාද, පසුගිය රජය සමයේ 2006 වසරේ සිට මේ දක්වා ක‍්‍රමානුකූලව රජයේ භාෂා පරිවර්තක සේවය සේවා තත්ත්වයෙන් පහතට ඇද දමමින් පවතින අතර, ඒ අනුව සුදුසුකම් ලත්, කුසලතා පූර්ණ භාෂා වෘත්තිකයන් මෙම සේවයට නොබැෙදන හා සේවයේ නොරැදී වෙනත් සේවා කරා ඉවත්ව යන තත්ත්වයක් මේවන විට නිර්මාණය කර ඇති බැවිනි,

වසර 2006 දක්වා රජයේ භාෂා පරිවර්තක සේවයේ 1 පන්තියට බදවා ගත් හෝ සමත් වූ උපාධිධාරීන් ආයතනයන්හි පරිපාලන නිලධාරී තනතුරට සමාන මට්ටමකද 1 පන්තියේ සිට විශේෂ පන්තියට සමත් වන්නන් විධායක ශ්‍රේණියේද පිහිටුවන ලදී. එසේ වුවද, 2006 වසරේ සිට මෙම පන්ති දෙකම තත්ත්වයෙන් පහත හෙළමින් ඒවාහි නිලධාරීන්ට තමා හා ඒ දක්වා සම මට්ටමේ හෝ පහළ මට්ටමේ සිටි වෙනත් තනතුරු යටතේ සේවය කරන්නට සිදුවන තත්ත්වයක් නිර්මාණය කරන ලදී. විශේෂ පන්තියට හිමිව තිබූ විධායක මට්ටම අහිමි කිරීම මගින් සියලූ භාෂා පරිවර්තකවරුනට තිබූ උසස් වීමේ බලාපොරොත්තු නිමා කරන ලද බැවින් එවක් පටන් මෙම සේවයේ සිටි කුසලතා පූර්ණ නිලධාරීන් බුරුතු පිටින් සේවය හැරයන තත්ත්වයක් නිර්මාණය කරන ලදී.

වත්මන් රජය බලයට පත්වීමට පෙර විපක්ෂය වශයෙන් නොකඩවා මෙම තත්ත්වය පාර්ලිමේන්තුව තුළ පෙන්වා දෙන ලද අතර තමා බලයට පත්වූ විගස මෙම අසාධාරණය නිවැරදි කරමින් ජාතික සංහි`දියාවට උරදෙන මෙම වෘත්තිකයනට නිසි පිළිගැනීම හා සේවා තත්ත්වය නැවත ලබා දීමට ක‍්‍රියා කරන බවට පොරොන්දු ලබා දුන් නමුදු, එසේ බලයට පැමිණි රජයක් යටතේ මේවන විට සකසා ඇති නව සේවා ව්‍යවස්ථාව තුළ භාෂා පරිවර්තකවරුනට මේ දක්වා තිබූ සේවා තත්්ත්වයද අහිමි කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව 2006 වසර දක්වා සේවයේ විශේෂ පන්තියට හිමිව තිබූ විධායක මට්ටම නැවත ලබාදීමක් සිදු නොවන අතර වර්තමාන රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති අමාත්‍ය මණ්ඩල සටහනක් මගින් යෝජනා කර ඇත්තේ දැනට 1 පන්තියට බදවා ගන්නා උපාධිධාරී භාෂා පරිවර්තකවරුන් නව බදවා ගැනීම් යටතේ දැනට බදවා ගන්නා මට්ටමට වඩා වැටුප් පියවර 11ක් පහළින් ස්ථානගත කරන ලෙසයි. මෙවන් තත්ත්වයක් යටතේ දැනට සේවයේ සිටින භාෂා පරිවර්තකවරුන්ද මහත් සේ ඉච්ඡුා භංගත්වයකට පත්ව සේවයට පරිබාහිරින්ද කුසලතා පූර්ණ භාෂා උගතුන් ඇතුළත් නොවන තත්ත්වයක් නිර්මාණය කර ඇත.

මේ අනුව ප‍්‍රදර්ශනාත්මක ලෙස ජනතා මුදල් වැය කරමින් භාෂා පරිවර්තන දින සැමරුම් පවත්වනු වෙනුවට පශ්චාත් යුද කාලීන සංහි`දියාවේ ප‍්‍රධානතම කාර්ය භාරය උසුලන භාෂා පරිවර්තකවරුනට අවම වශයෙන් 2006ට පෙර පැවතී අහිමි කරන ලද පිළිගැනීම හා සේවා තත්ත්වය නව සේවා ව්‍යවස්ථාව යටතේ ලබාදීමට අවශ්‍ය මැදිහත්වීම අමාත්‍ය මණ්ඩලය තුළ සිදු කිරිම ගරු මනෝ ගනේෂන් භාෂා ඇමතිවරයාගෙන් මේ අවස්ථාවේ ඉටුවිය යුතු සේවය වන බව පෙන්වා දිය යුතුය.

]]>
http://lankaviews.com/international-translation-day/feed/ 0
බාල දරුවන් අවුවේ සාරි ඇල්ලීමට මවුපියන් අටදෙනකු කැමැත්ත දීලා ! http://lankaviews.com/eight-parents-approved-torture-of-girls/ http://lankaviews.com/eight-parents-approved-torture-of-girls/#respond Fri, 29 Sep 2017 05:47:43 +0000 http://lankaviews.com/?p=21387 පසුගියදා ගන්නොරුව ප්‍රදේශයේ රූපලාවණ්‍ය ශිල්පිනියකගේ විවාහයේ ගිනස් වාර්තාවක් වෙනුවෙන් තම දැරියන් අවුවේ සාරිපොටක් අල්ලා සිටීම සිය කැමැත්ත පරිදි සිදුවූ බව ඊයේ (28) මධ්‍යම පලාත් ආණ්ඩුකාරවරිය නිලූකා ඒකනායක හමු වූ දැරියන් අට දෙනකුගේ මවුපියන් ප්‍රකාශ කර ඇත.

සැප්තැම්බර් 21 වැනිදා ගන්නෝරුව සරත් ඒකනායක ප්‍රාථමික විදුහලේ දැරියන් 250ක් මෙම විවාහ මංගල්‍යය සදහා සූදානම් කර ඇත්තේ මහඇමති සහ අධ්‍යාපන ඇමති ද වන සරත් ඒකනායකගේ ඉල්ලීමකට අනුවය. ඒ අනුව 21වැනිදා පාන්දර 2.00ට මෙම දැරියන් කැදවාගෙන පැමිණි බවද ඔවුන්ගෙන් 100 දෙනකු මල්කුමාරියන් ලෙස සැරසූ බවද ඉන්පසු ඉතිරි දැරියන් 150 දෙනා පාසල් නිලඇදුමින් කිලෝමීටර් 3ක් දිග මනාලියගේ ඔසරි පොට අල්ලා සිටි බවද පරික්ෂන වලින් අනාවරණය වී ඇත. මේ අනුව පාසල් දැරියන් පාසල් කාලය තුළ අධයාපනික නොවන පිටස්තර පරිසරයකට රැගෙන යාම පිළිබද ගුරුවරු, විදුහල්පති සහ ප්‍රෙද්හයේ අධ්‍යාපන බලධාරින් වගකිවයුතුය.

ලංකාවේ පවතින ළමුන් සම්බන්ධ නීතිය අනුව දරුවන් ළමා වයසට නොගැලපෙන කිසියම් හිරිහැරදායක පරිසරයකට නිරාවරණය කිරිම සහ පීඩාදාකරී ලෙස රදවා තැබීම අපරාධමය වරදකි. මවුපියන් සිය කැමැත්තෙන් වුවද එවැනි හිරිහැරදායක අවස්ථාවක දරුවන් යොදවන්නට උත්සාහ කරයි නම් එම මවුපියන්ට එරෙහිව චෝදනා එල්ල කර අධිකරණයේ නඩු පැවරිය හැකිය.

]]>
http://lankaviews.com/eight-parents-approved-torture-of-girls/feed/ 0
මනුෂ්‍යත්වය අහිමි ලෝකය http://lankaviews.com/no-humanity/ http://lankaviews.com/no-humanity/#respond Thu, 28 Sep 2017 16:09:48 +0000 http://lankaviews.com/?p=21383 අවන්ත ආටිගල ඇදි කාටුනයකි.

]]>
http://lankaviews.com/no-humanity/feed/ 0