මේ ආණ්ඩුව, ගුණරත්නම් අත්අඩංගුවට ගැනීම මා විමතියට පත් කළා – චන්ද්‍රගුප්ත තේනුවර
Posted on 11.16.2015 by Sampath in වීඩියෝ පුවත් with 0 Comments
කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ අත්අඩංගුවට ගැනීම ගැන අහන්න ලැබුණ පළමු මොහොතෙම මට විමතියක් දැනුණා. අපි පහුගිය කාලේ සමාජමය වෙනසක් කරන්න උත්සාහ කළා. පලිගැනීමෙන් තොරව, වෛර්යයෙන් තොරව අන්‍ය දේශපාලන මතයන් ඉවසාගෙන වැඩකරන්නේ කෙසේද යන කාරණය සම්බන්ධයෙන් අපි දිගින් දිගටම මැදිහත් වුණා. ඒ කරපු සමාජයීය වෙනස තුළ මෙවැනි සිදුවීමක් ඇසීමට ලැබීම සම්බන්ධයෙන් මට විමතියක් දැනුණා. මොකද අපි දන්නවා පසුගිය රජය එය සිදුකළා නම් අනිවාර්යයෙන්ම දේශපාලන පලිගැනීමක්. මොකද මම පෞද්ගලිකව විස්වාශ කරන්නේ මගේ විරුද්ධවාදියකුට වුණත් විරුද්ධ අදහසක් දැරීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය වෙනුවෙන් අපි අනිවාර්යයෙන්ම වැඩ කළ යුතුයි. විරුද්ධ මතයක් පරාජය කළ යුතු වන්නේ අදහස් ගැටීමකින් පමණයි. එසේ නොමැතිව සිරගත කිරීම්, හිංසා කිරීම්, තර්ජනය කිරීම්, පැහැර ගැනීම් වැනි පැරණි දඩයම් කිරීමේ ක‍්‍රම යහපාලන රජය තුළ නැවත ප‍්‍රතිරාවය කරයි කියලා මම බලාපොරෝත්තු වෙන්නේ නෑ. මීට කලින් ලංකා ඉතිහාසය තුළ අවුරුදු තිස් ගාණක්ම සිදුවෙමින් තිබුණේ ඔය වගේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවලියක්. අපි එයට තිත තැබිය යුතුයි.
මම විශ්වාස කරනවා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මේ පිළිබඳව පැහැදිලි දේශපාලන ස්ථාවරයක් ගත යුතු වෙනවා. මොකද ඔවුන් පෙනී සිටියේ මේ කරණය සම්බන්ධයෙන්ම වන නිසා. ගැටළුවක් තිබේ නම් එම ගැටළුව මැදිහත් වී විසඳිය යුතුයි. කුමාර් ගුණරත්නම් සහෝදරයාට මෙලෙස සිදුවීමට බලපෑ හේතුව අපි විග‍්‍රහ කරගෙන මේ ප‍්‍රශ්නයට මැදිහත් විය යුතුයි. විශේෂයෙන්ම ඔහු දේශපාලන ක‍්‍රියාකාරිකයෙක්.
ඒ නිසා සියලූ මත සඳහා ඉඩ තැබිය යුතුයි. අපි මත පරාජය කළ යුත්තේ තවත් මතවලින් මිස ශරීරවලින් පලිගැනීමෙන් නොවේ. ඒ දේහවලින් පලිගැනීමේ සංස්කෘතිය අපි ඉවත් කළ යුතුයි. මා පෞද්ගලිකව ඔහුගේ මතයේ නොවන්නට පුළුවන්. නමුත් ඔහුට ඔහුගේ මතය දැරීමට සම්පූර්ණ අයිතිය තිබිය යුතුයි. ඒ නිසා සියලූ දෙනාගේම දේශපාලන නිදහස වෙනුවෙන්, මෙය පලිගැනීමක් ලෙස හුවා දැක්වීම දක්වා ප‍්‍රමාද කිරීමෙන් ඉඩ නොතබන ලෙස මම ඉල්ලනවා.
Related News