පළාත් පාලන මැතිවරණය නැවත කල්යන ලකුණු

local gaverment

අද දින මුදල් රාජ්‍ය ඇමැති ලක්ෂමන් යාපා මාධ්‍ය හමුවකදී පවසා සිටියේ දැනට සැලසුම් කර ඇති පරිදි ලබන මාර්තු මස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකිවන තත්වයක් මේ වන විට උදාවී ඇතිබවයි.

පළාත් පාලන බල ප්‍රදේශ සදහා නව සීමා නීර්ණ කිරීමේ සිදුවීමට අදාලව මේ වනවිට විවිධ පාර්ශවයන්ගෙන් පැමිණිලි 700යක් පමණ ලැබී ඇති නිසා එම තත්වය නොසලකා ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි තත්වයක් උදාවී ඇති බවයි. කෙසේ වෙතත් පසුගිය සැප්තැම්බර් මස අගමැති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ ලබන මාර්තු මස පළාත් පාලන මැතිවරණය පවත්වන්නට ආණ්ඩුව තීරය කර ඇති බවකි.

පසුගිය රාජපක්ෂ පාලන සමය තුලදී පළාත් පාලන සිමා නීර්ණ කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළ අතර මේ වන විට එම යෝජිත සීමා නිර්ණ සදහා විවිධ දේශපාලන පක්ෂ හා ප්‍රදේශීය දේශපාලන පක්ෂ සිය විරෝධය පළ කර ඇති අතර මේ තත්වය මත ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීම යම් ගැටලුකාරී තත්වයක පවතින බවයි

One thought on “පළාත් පාලන මැතිවරණය නැවත කල්යන ලකුණු

  1. Pingback: good site buy term paper

Comments are closed.