කුමාර් ගුණරත්නම් පිටුවහල් කිරීමේ කුමන්තරණය නවතා ඔහුගේ දේශපාලන අයිතිය පිළිගන්නා ලෙසත්. මර්දනය නිසා විදේශගතවීමට සිදු වූ සියලු දෙනාට ලංකාවේ ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන ලෙස ආණ්ඩුවට බලකරමින් අද දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිටින් පා ගමනින් ජනාධිපති ලේකම් කාර්යාලය ආසන්නයට පැමිණි ඔවුන්ට ගාලූමුවදොර දෙසට ගමන් කිරීමට පොලීසිය ඉඩ ලබාදුන්නේ නැති අතර මාර්ග බාධක යොදා පිරිසට යාමට නොහැකි වනසේ මාර්ගය අවහිර කර තිබුනි.
පසුව පොලීසිය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් කිහිප දෙනෙකු අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා සමඟ ඉදිරි සතියේදී සාකච්ඡාවක් ලබාදීමට පොලීසිය පොරොන්දුවත් ලබාදී තිබුනි.
එම අවස්ථාවට සහභාගීවූ එම පක්ෂයේ සාමාජිකයින් හා හිතවතුන් විසින් විරෝධතා පෙළපාලියේ සටන් පාඨ කියමින් ගමන් ගත් අයුරු පහත ජයාරූපවලින් දැක්වේ.





















