මානව හිමිකම් වෙනුවෙන් බොහෝ සෙයින් ඝෝෂා නැගෙමින් තිබෙන අද දවසේ බලවතුන් විසින් පීඩිත ජනතාවගේ අයිතීන් උල්ලංඝණය කල ඉතිහාසයද යළි ආවර්ජනය වෙමින් තිබේ.
1808 මැයි 02 දා නැපෝලියන් බොනපාට් විසින් ස්පාඤ්ඤය ආක‍්‍රමණය කරමින් ඇරඹූ ප‍්‍රයානය මැඩ්රිඩ් පුරවරය පොදු ජනතාවගේ ලෙයින් තෙත් කරලීම එවන් එක් මතකයක් පමණක් නොවේ.
එය ලොව පුරා පීඩිත ජනතාව සිය නිදහසේ ජීවත්වීමේ අනුලංඝණීය අයිතිය වෙනුවෙන් සටන් කරන බවට දෙස් දෙන ප‍්‍රබල සංකේතයකි. ෆ‍්‍රැන්සිස්කෝ ගෝයා නම් චිත‍්‍ර ශිල්පියෙක් සිය තෙලිතුඩෙන් එම සටන අනාගතය වෙනුවෙන් සටහන් කර තබා තිබේ.