එච්.එන්.ඩී.ඒ.සිසුන්ට පහරදීමට අණදුන් අයට දඩුවම් නැහැ

hnde1

කොළඹ වොඩ් පෙදෙසේ පැවැති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු උද්ඝෝෂණයේ සිසුන්ට අමානුෂික ලෙස පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරේ සිට ඉහළ නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව ක්‍රියා කිරීමට ප්‍රමාණවත් සාක්කි කොමිසම හමුවේ ඉදිරිපත් වී නොමැති බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මාධ්‍ය වෙත පවසා ඇත.

එම නිසා එම නිලධාරීන්ට එරෙහිව ආයතන සංග්‍රහය අනුව පියවරක් නොගැනීමට ඊයේ පැවැති පොලිස් කොමිසමේ සාකච්ඡාවක දී තීරණය කළ බව ද එම කොමිසමේ ලේකම් කුරේ වැඩිදුරටත් පවසා ඇත.
නමුත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මීට සතියකට පෙර නිර්දේශ කළේ පහර දීමට අණ දුන් හා පහර දීම සිදුවන අවස්ථාවේ එම පහරදීම් අධීක්ෂණය කළ නිලධාරීන්ට එරෙහිව ද පොලිස් කොමිසම විසින් පියවර ගත යුතු බවයි.

පොලිස් කොමිසමේ ලේකම්වරයා පවසන පරිදි ආයතන සංග‍්‍රහයට මුවාවී සිසුන්ගේ උද්ඝෝෂණය කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය උල්ලංඝණය කළ ඉහළ පොලිස් නිලධාරීන් රුකීමට පොලිස් කොමිසම පියවර ගනිමින් සිටින තත්වයක් මේ වනවිට උදාවී තිබෙන බවට සිසුන් චෝදනා කරයි.