ඇමැතිත් ආගමන විගමන පාලකත් බෝලේ පාස් කරන කුමාර් ගුණරත්නම් ප‍්‍රශ්නය

IMG_0789

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අද කෑගල්ල අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර දෙසැම්බර් 18 වනදා දක්වා ඔහු නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන ලදි.

මේ පිළිබද පෙ.ස.පෙ. දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත

ප‍්‍රකාශ කළේ , දින 14න් 14 රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් මෙම ප‍්‍රශ්නයට විසදුමක් ලබාදීමක් සිදු නොවන අතර දැනට පුරවැසි පනත යටතේ යළි පුරවැසි භාවය ඉල්ලා ඉදිරිපත් කර ඇති ඉල්ලීමට පිළිතුරු දිය යුත්තේ අධිකරණය නොව අදාළ ඇමැතිවරයා බවයි.

ජනාධිපතිවරයා මේ පිළිබදව කුමාර් ගුණරත්නම් ගේ මවට ලිඛිතව දන්වා ඇත්තේ ගැටළුව විසදීම විෂය භාර ඇමැතිවරයාට යොමු කර ඇති බවයි. පසුව ඇමැතිවරයා නැවත ඔහුගේ මවට දන්වා ඇත්තේ අදාළ පශ්නය විසදීමට ආගමන විගමන පාළක වරයාට යොමුකොට ඇති බවයි.

මෙසේ ප‍්‍රශ්න විසදීම වරෙක ඇමැති වරයාටත් තවත් වරෙක ආගමන විගමන පාළක වරයාටත් ලෙස තොරොම්බල් කරනවා හැර පිළිගත හැකි කියා මාර්ගයක් මෙතෙක් ගෙන නොමැති බව ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

පහත පළවන්නේ අද දින උසාවියට කුමාර් ගුණරත්නම් රුගෙන එන අයුරු

IMG_0780 

IMG_0784 IMG_0790