ලලිත්, කුහන් සහෝදරවරු ඇතුලු සියලු අතුරුදන්වූවන්ගේ තොරතුරු හෙළිදරව් කරන ලෙස ආණ්ඩුවට බලකරන උද්ඝෝෂණයක් පැවැත්වීමට සම අයිතිය ව්‍යාපාරය කටයුතු සංවිධානය කර තිබේ.
එම උද්ඝෝෂණය අද (10) දින දහවල් 12.30ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී පැවැත්වෙන බව සම අයිතිය ව්‍යාපාරයේ කැදවුම්කරු රවීන්ද්‍ර මුදලිගේ පවසයි.