අයවැය යෝජනාවලට එරෙහි කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් අද දහවල් පැවැත්වීමට සූදානම් කොට ඇති මාධ්‍ය සාකච්ඡුාව පිළිබදව දැනුවත් කර එවන ලද මාධ්‍ය නිවේදනය පහත පළවේ
පසුගියදා ඉදිරිපත් කළ කොල්ලකාරී අයවැයට විරුද්ධව කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් මේ වන විටත් අයවැයට එරෙහිව රට පුරා රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල වැඩකරන කම්කරුවන් දැනුවත් කරමින් ඊට එරෙහිව කි‍්‍රයාමාර්ග ගනිමින් සිටිමු.
විශේෂයෙන් සමස්ත වැඩකරන ජනතාව බරපතළ අර්බුද රුසකට යොමුකරවන මෙවර අයවැය හුදු ලියවිල්ලකින් ඔබ්බට ගිය වත්මන් මෛතී‍්‍ර-රනිල් හවුල් අණ්ඩුවේ ප‍්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ලෙස මෙවර කරළියට පැමිණ ඇත.
ඊට අමතරව කම්කරු ජනතාවට හොර රහසින් කම්කරු නීති සංශෝධනය කරමින් මේ වන විටත් කම්කරුවන්ට ඇති සීමිත වරප‍්‍රසාද ප‍්‍රමාණයත් කප්පාදු කරන යෝජනා සකස් වෙමින් පවතී.
මෙම සියලු කරුණු පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සහ මෙකී කොල්ලකාරී අයවැයටත් වත්මන් ආණ්ඩුවේ සමස්ත ජනතා විරෝධී වැඩපිළිවෙළටත් එරෙහි ඉදිරි කි‍්‍රයාමාර්ග පැහැදිලි කරන මාධ්‍ය හමුවක් 2015.12.14 දින පස්වරු 12.00 ට මරදාන සී.එස්.ආර්. ආයතනයේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අප සතු වෘත්තීය සමිති නියෝජිතයින් සමග පැවැත්වේ.