මහත් ආන්දෝලනයකට ලක්ව තිබෙන කුමාර් ගුණරත්නම් ගැන තොරතුරු වල නවතම තත්වය වන්නේ මෙවර සත්දින පත්තරයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන හිටුප ආරක්ෂක ලේකම් විසින් වත්මන් ජවිපෙ නායක අනුර කුමාර විසින් 2012 වසරේදී පැහැර ගන්නා ලද කුමාර් ගුණරත්නම්ගේ තොරතුරු තමාට අවස්ථා කිහිපයකදී ලබාදී ඇති බවත් ඒවන විට ඔවුන් අත කුමාර් ගුණරත්නම්ගේ තොරතුරු සැලකියයුතු ප‍්‍රමාණයක් නොතිබූ බවත් ඡායාරූප හා ඔහු ගැවසෙන ස්ථාන පිළිබදව අවස්ථා කිහිපයකදීම අනුර කුමාර විසින් තමන්ට එම තොරතුරු ලබා දුන් බවයි.
එපමණක් නොව ඔහුගේ ඡායාරූප නිවැරදි බවට තහවුරු කරගත්තේද අනුර කුමාර හරහා බවත් එම සම්මුඛ සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ පවසා ඇත.
මේ වන විට එම සම්මුඛ සාකච්ඡාවේ හඩ පඨයේ අදාල කොටස අන්තර්ජාලය හරහා මුදාහැර තිබෙන අතර අවශ්‍ය අයට සවන්දිය හැකිය.
නමුත් මාධ්‍ය හරහා යම් යම් අවස්ථාවකදී කුමාර් ගුණරත්නම් ගැන විමසූවිට අනුර දිසානායක හා ජවිපෙ නායකයින් පවසන්නේ එහෙම කෙනෙක් ගැන නම් අහලාවත් නොමැති බවයි.