හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය රාජපක්ෂ පාලන කාලයේ රුපියල් ලක්ෂ 1050 ක මුදලක් වංචා කිරීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් චෝදනා කළේය.
ඔහු මෙම චෝදනාව කළේ අද (22) දින පැවති ‘හෙළිදරව්ව’ නම් මාධ්‍යහමුවකදීය.
මෙහිදී නලින් බණ්ඩාර ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා සංචාරක අධිකාරිය සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය යන ආයතනවල මුදල් රුපියල් ලක්ෂ 570 ක් සංචාරක කොමසාරිස් සංගමයට යොදවා එම මුදල් දේශපාලන ප්‍රචාරක වැඩ සඳහා යොදවා තිබෙන බවයි.
තවද අනාවරණය වී තිබෙන කරුණු අනුව මෙම මුදල් වැය කොට තිබෙන්නේ ඌව පළාත් සභා මැතිවරණයේ හා ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා බව මෙහිදී ඔහු පැවසීය.
ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය ඉහළ නැංවෙන අයුරින් විශාල ප්‍රමාණයේ කටවුට්, ස්ටිකර් හා බැනර් මුද්‍රණය කර බෙදාහැරීමට සොලූසන්ස් ගෘප් නැමති වෙළඳ ප්‍රචාරක ආයතනයට රුපියල් ලක්ෂ 423ක් ගෙවා තිබෙන බවද ද ෆස්ට් මීඩියා සොලූසන්ස් ආයතනයට රුපියල් ලක්ෂ 570ක් ගෙවා තිබෙන බවද නලින් බණ්ඩාර මෙහිදී පැවසීය.
තවදුරටත් ඔහු පැවසූවේ මෙවැනි දැන්වීම් ප්‍රචාරය කිරීම සඳහා රූපවාහිණී ආයතනයකට රුපියල් ලක්ෂ 40ක් මුදලක් සංචාරක කොමසාරිස් සංගමය මගින් ගෙවා තිබෙන බවත් මැතිවරණ රැස්වීම් සඳහා භික්ෂූන් ගෙන්වීම සඳහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ගෙවා තිබන බවයි.
තවද බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ ගම්පහ ඔරුතොට පාරේ පිහිටි නිවසේ ආහාරපාන හා අනෙකුත් වියදම් සඳහා වැය වූ මදල්ද ගෙවා තිබෙන්නේ මේ හරහා බවද නලින් බණ්ඩාර මෙහිදී පැවසීය.