එලැඹෙන මහ මැතිවරණය ගැන සාකච්ඡා කිරීමට අද දින මැතිවරණ කොමසාරිස්වරයා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් කොළඹට කැඳවා තිබේ.
අගෝස්තු මස 17 වැනි දින පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත් එය සාර්ථකව පවත්වන්නට අවශ්‍ය කරන හා හදිසි හා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබාදීම සඳහා මෙම කැදවීම කල බව මැතිවරණ මහලේකම් කාර්යාලය වාර්තා කරයි.
තව දින 48ක් වැනි කෙටිකාලයක් තුල මහමැතිවරණය පැවත්විය යුතු බැවින් අදාළ නාමයෝජනා භාරගැනීමේ ක්‍රියාවලිය පිළිබඳව සහ ඡන්ද විමසීම පැවැත්විය යුතු ආකාරය පිළිබඳව දිස්ත්‍රික් මට්ටමින් දැනුම්වත් කිරීම මෙම හදිසි හමුවේ අරමුණවේ.