තමන් ඉල්ලා අස් නොවූ බවත් අසනීප තත්වයක් හේතුවෙන් සේවයට වාර්තා නොකළ බවත් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ කීර්ති විමලචන්ද්‍ර පවසයි.
ඔහු ජුනි 24 වැනිදා සිට යළිත් සේවයට වාර්තා කර තිබේ.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික‍්‍රමසිංහ මැයි මස 16 වැනිදා මාධ්‍ය වෙත පැවසුවේ කීර්ති විමලචන්ද්‍ර සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි.
මේ නිසා පැමිණිලි භාර ගැනීම සාමාන්‍ය පරිදි සිදු වුවත් නඩු පැවරීම ඇතුළු නෛතික කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ඇය පැවසුවාය.
කෙසේ වෙතත් සේවයට වාර්තා කිරීමෙන් පසුව කීර්ති විමලචන්ද්‍ර පැවසුවේ, තමන් තනතුරෙන් ඉල්ලා අස් වූ බවට පැතිර ගිය කටකතා සත්‍යයෙන් තොර බවයි.
තමන් දැන් යළිත් සුපුරුදු පරිදි රාජකාරි කටයුතු සිදු කරන බවද ඔහු පැවසුවේය.