වකුගඩු රෝගීන්ට සහන සැලසීම සඳහා රාජ්‍ය අරමුදල් මඟින් සෞඛ්‍ය සේවයට වැඩි ප‍්‍රතිපාදන වෙන්කිරීම වෙනුවට එම මුදල සූදුවක් හරහා ජනතාවගෙන්ම අය කර ගැනීමට ආණ්ඩුව නව ලොතරැයියක් ආරම්භ කර තිබේ.
නීරෝගා නමින් හඳුන්වන රුපියල් ලක්ෂ 25 අවම ත්‍යාග සීමාවක් සහිත මෙම ලොතරැයිය සෙනසුරාදා දිනවලදී දිනුම් ඇදීමට නියමිතය.
ජාතික ලොතරැයි මණ්ඩලයේදී මෙම ලොතරැයිය මුල්වරට නිකුත් කරනු ලැබුවේ ජනාධිපතිවරයාගේ ද සහභාගිත්වයෙනි.
එහි දී අදහස් දැක්වූ මුදල් ඇමාත්‍ය රවී කරුණානායක පැවසුවේ වකුගඩු රෝගයට වඩා භයානක රෝගය වන්නේ පවුල් පාලනය නමැති රෝගය බවයි. තවද එය තුරන් කිරීමට රජය ප‍්‍රමුඛත්වය දෙන බවද ඔහු පවසා තිබේ.
එහෙත් නව ආණ්ඩුව වකුගඩු රෝගීන්ට ප‍්‍රමුඛතාව ලබා දී නොමැත. ඔවුන්ට ලබා දෙනවා යැයි කියූ සහනාධාරයද තවමත් ලබා දී නොමැති අතර වකුගඩු රෝග ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර හා වෛද්‍ය උපකරණ වෙනුවෙන් මුදල් ප‍්‍රතිපාදන වෙන් කිරීමද සිදුකර නොමැත.