ප‍්‍රශ්නය විසඳුවේ නැත්නම් හයිවේ බස් එකකටවත් යන්න දෙන්නේ නෑ…

hiway-strick-1

වෙනදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ ධාවනය කරන රියදුරන් හා කොන්දොස්තරවරුන් කිහිප දෙනකු ජුනි 15 වැනිදා පෙ.ව. 11.00ට සිටියේ ගාල්ල බස්නැවතුම් පොළේ නවතා තිබූ බස් රථයක වහලය මතය. ඔවුන් අතේ සටන් පාඨ පුවරු තිබිණි. පොලිස් නිලධාරීන් කිහිප දෙනකු පැමිණ සිටි අතර ඔවුන් දෙදෙනා වටකර ගත් බස් සේවකයෝ කරුණු පැහැදිලි කළහ. තමන්ට කළ හැකි දෙයක් නැති බව කී පොලිස් නිලධාරීන් දෙදෙනා පිටව ගියහ.

hiway-strick-Wasantha”ගිය ආණ්ඩුව කාලේ අපිට හයිවේ දුවන්න රූට් පර්මිට් දුන්නා. මේ ආණ්ඩුව ආවාට පස්සේ ගිය පෙබරවාරි ඉඳලා ඒවා කැන්සල් කළා. ඊට පස්සේ අවුරුද්ද දවස්වල අපේ‍්‍රල් 08 ඉඳල 21 වෙනකං තාවකාලික පර්මිට් එකකට දුවන්න දුන්නා. වෙසක් එකටත් දවස් පහක් ටෙම්පරි පර්මිට් එකකට දුවන්න දුන්නා. පහුවෙච්ච පෝයට දවස් හතරයි දුවන්න දුන්නෙ.” ඒ වසන්ත කුමාරයි. ඔහු රියදුරෙකි.

මේ අවනඩුව පිළිබඳව ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර සමඟ සාකච්ඡුාවක් පැවැත්වී තිබේ. එහිදී ඇමැතිවරයා බස් ධාවනය සඳහා වාචික අනුමැතියක් දී තිබේ.

”ස්ථිර පර්මිට් දෙනකං දුවන්න කියලා කිව්වා. අපි එහෙම දිව්වා. දැන් ගාල්ලෙ ස්ටෑන්ඞ් එකෙන් අපිට මගීන් අරගෙන යන්න දෙනවා. අපිට ටයිම් ටේබල් එකක් තියෙනවා. ඒත් මහරගමින් බස් ගහන්න දෙන්නෙ නෑ.” වසන්ත කුමාරගේ පැහැදිලි කිරීමට අනෙක් සේවකයෝද අඩුම කුඩුම එකතු කරති.

සියලූම පෞද්ගලික බස් රථවල ධාවන බලපත‍්‍ර අවලංගු කර ඇති බව ඔවුහු පැවසූහ. එහෙත් මහරගම බස් නැවතුමෙන් මගීන් ගැනීමට අවසර නොදෙන්නේ බස් රථ 11ක් සඳහා පමණි. ඞී.එස්. ගුණසේකර බස් සමාගමට හා ගෝල් හයිවේ සමාගමට මේ බාධක නැත. ඒ ඔවුන්ට දේශපාලන බලය තිබෙන නිසා යැයි බස් සේවකයෝ කියති. එවැනි හයියක් නැති බස් හිමියන්ට හා සේවකයන්ට සිදුව තිබෙන්නේ ගාල්ලෙන් මගීන් පටවාගෙන මහරගමට ගොස් හිස් බස් රථය රැුගෙන යළිත් ගාල්ලට පැමිණීමටයි.

hiway-strick-Susantha”මම ගාල්ල-කොළඹ ඒසී බස් එකක් අවුරුදු 18ක් තිස්සේ දිව්වා. ඒක වෙනුවට තමයි හයිවේ පර්මිට් එක අරන් බස් එකක් දැම්මේ. දැන් මට ඒකත් නෑ මේකත් නෑ. අපි එහෙම කළේ අපිට එහෙම කරන්න කියලා කියපු නිසා.” ප‍්‍රසන්න සොයිසා තමන්ගේ අවනඩුව විස්තර කරයි.

එතැන සිටි බොහෝ දෙනකුට අත්වී තිබුණේ ඒ ඉරණමයි. අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථයක වෙළඳපොළ වටිනාකම රුපියල් එක්කෝටි පනස්  හය ලක්ෂයක් පමණ වේ. මාසික ලීසිං වාරිකය රුපියල් තුන්ලක්ෂ අසූ දහසක් පමණ වේ. මේ අවදානම දරාගෙන ඔවුන් බස් රථ මිලදී ගෙන තිබුණේ බස් රථ ධාවනය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව දුන් පොරොන්දුව පිළිගනිමිනි. නව ආණ්ඩුව පත් වූ පසුව වෙනස් වී තිබෙන්නේ එහි සභාපතිවරයා පමණි. අන් සියලූම නිලධාරීන් මේ ප‍්‍රශ්නය මුල සිට අගට දන්නවා පමණක් නොව ඔවුහු තනතුරුවලද සිටිති.

”අපි අසාධාරණ ඉල්ලීමක් නෙවෙයි කරන්නෙ. අපි බස් ගත්තෙ එයාලා කියපු නිසා. අපේ බස් නැති නිසා බලන්න මෙතන හැදිලා තියෙන පෝලිම. ඒ කියන්නෙ අපේ බස් නැතිව මගීන්ට සාධාරණයක් ඉටු කරන්නත් බෑ. අපි අද කාටවත් බාධාවක් කරන්නෙ නෑ. ඒත් අපේ ප‍්‍රශ්නෙ විසඳුනේ නැත්නම් එක බස් එකකටවත් යන්න දෙන්නේ නැතිව අපි මෙතන බස් ගහනවා.”

hiway-strick-2

 

hiway-strick-3

 

hiway-strick-4