සංවර්ධනය සදහා වූ විකල්ප බැංකුවක් චීනය මූලිත්වයෙන් අරඹයි

aiib bank

චීනය මූලිකත්වයෙන් ආරම්භ කර ඇති මෙම බැංකුව (ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව) අයිබ් (AIIB) ලෙස නම්කර තිබේ, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විකල්පයක් ලෙස එහි සාමාජිකරටවල් සලකනු ලබයි.

සෙසු රටවල් ලෙස ජර්මනිය, රුසියාව, ඉන්දියාව, බ්‍්‍රසීලය, එක්සත් රාජධානිය, ඕස්ටේ්‍රලියාව, දකුණු කොරියාව, මෙම බැංකුව සදහා අරමුදල් සම්පාදනය කරන මූලික හවුල්කරුවන්ය.

මේවන විට චීනයේ බීජින්හි ගේ‍්‍රට්හොල් හිදී එම බැංකුව  පිහිටුවීමේ ලියකියවිලිවලට අත්සන් කිරීමේ සමාරම්භක උළෙලට සහභාගීවීමට රටවල් 57ක නියෝජිතයන්  චීනයට පැමිණ තිබේ.

කෙසේ වෙතත් එක්සත් ජනපදය හා ජපානය මෙම චීනය මූලිකවී ගොඩනගනු ලබන බැංකුවට විරෝධය පළකර ඇත.

ඔවුන් පවසන්නේ චීනයේ මූල්‍ය ආධිපත්‍ය අනෙක් රටවල් මත මෙම බැංකුව මගින් මුදූ ලෙස කි‍්‍රයාත්මක කිරීමට සැලසුම්කර ඇති බවයි.

මෙම බැංකුවේ කටයුතු පසුගිය වසරේ ඔත්තෝබර් මස රටවල් 21ක සහභිගීත්වයෙන මූලික වශයෙන් ආරම්භ කර තිබුනි.

Leave a Reply