ලබන අඟහරුවාදා වනවිට තමන් සන්ධානයෙන් අගමැති අපේක්ෂකයා ලෙස නම් නොකළහොත් එය එදිනට බලාගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය.
ඔහු ඒ බව ප්‍රකාශ කළේ මහනුවර දළදා මාළිගාවට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මෙහිදී හිටපු ජනාධිපතිවරයාට සහයෝගය දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා නොලැබෙන්නේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් කළ ප්‍රශ්න කිරීමකදී මහින්ද රාජපක්ෂ පවසා සිටියේ ඒ සම්බන්ධයෙන්ද ඉදිරියේදී බලාගත හැකිවනු බවයි.