බි‍්‍රතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මේ වසරේ අගෝස්තු මාසයේදී ලංකාවේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එක්සත් රාජධානියේ වැඩ බලන මහකොමසාරිස් චානක තල්පහේවා හරහා හිටපු විදේශ ඇමැති මංගල සමරවීර මෙම ආරාධනාව හිටපු අගමැතිවරයාට යවා තිබේ.
නව ජනාධිපතිවරයා තේරී පත් වූ වහාම යුරෝපයට කළ සංචාරය බි‍්‍රතාන්‍යයට කළ අතර එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගිය දා ලංකාවට පැමිණියේය.
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති බැරැුක් ඔබාමාද ඉදිරියේදී ලංකාවට පැමිණීමට නියමිතය.