අතුරුදන් වූ ධීවරයින් සොයාදෙන්න – ධීවර ජනතාව පාරට බසී

fisherman-protest-20150628-02

ධීවරයින් පිරිසක් අද (28) දින තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ පල්ලික්කුඩාව මාර්ගය හරස්කරමින් උද්ඝෝෂණයක නිරත විය.

ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූයේ එක්දින ධීවර යාත්‍රාවක් සහ ධීවරයන් තිදෙනෙකු සොයාදෙන ලෙස පාලකයන්ට බලකිරීම සඳහාය.

අදාල ධීවර යාත්‍රාව ධීවරයන් තිදෙනෙකු සමඟ පසුගියදා (23) දින තංගල්ල ධීවර වරායන් පිටත්ව ගොස් තිබේ.

උද්ඝෝෂකයින් පවසන්නේ මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කළද මෙතෙක් ඔවුන් සෙවීමට පියවරක් නොගත් බවයි.

 

fisherman-protest-20150628-01

Leave a Reply