ලංකාවේ දේශපාලන රැඳවියන් නිදහස් කරනු – ‘සම අයිතිය’ ලන්ඩනයේදීත් හඬ නගයි (Photo) ‘ලංකාවේ දේශපාලන රැඳවියන් වහා නිදහස් කරනු!’ යන තේමාව යටතේ උද්ඝෝෂණයක් පෙරේදා (21) දින ලන්ඩන් නුවරදී පැවැත්වුණි. සම අයිතිය ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය සදහා එරට වෙසෙන ලාංකියයින් හා එරට පුරවැසියන් පිරිසක් ද සහභාගි විය. මීට සමගාමීව ලංකාවේ දේශපාලන රැඳවියන් සම්බන්ධයෙන් එරට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පැවැත්විණි.