ළමා අපයෝජන සම්බන්ධයෙන් වන නඩු 4000ක් පමණ ඇතත් ඒවාට විසඳුම් ලබා දීම ප්‍රමාද වෙමින් පවතින බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති නටාෂා බාලේන්ද්‍ර පවසයි.
සැප්තැම්බර් 16දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණය කල ඇය ළමා අපයෝජන සම්බන්ධයෙන් වන නඩු කඩිනමින් විභාග කිරිමේ වැඩපිළිවෙලක් සඳහා සහාය ලබා දෙන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
නඩු නිරන්තරයෙන් ප‍්‍රමාදවීම අසාධාරණයට ලක්වූ දරුවන්ට සාධාරණය ඉටු කිරීමට ඇති විශාලතම බාධකයක් බවද ඇය මෙහිදී කියා සිටියාය. එමෙන්ම දරුවන්ට සිදුවන අසාධාරණකම් මැඩපැවැත්වීම සහ ඒවාට එරෙහිව කි‍්‍රයාත්මක වීම සඳහා පළාත් මට්ටමින් හෝ අධිකරණ කොමසාරිස්වරයෙකු පත්කල යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කලයුතු බවද ඇය ප‍්‍රකාශ කළාය.
ළමා අපයෝජන ඇතුළු ළමා පරපුරට එල්ලවන විවිධ බලපෑම් සම්බන්ධයෙන් වන නඩු විභාගයන්ගෙන් වැරදිකරුවන් වන පුද්ගලයින්ට මරණ දඩුවම ලබා දීමෙන් පලක් නැතැයිද ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
ජනරළ ඇසුරෙන්
වජිර තෙන්නකෝන්

