සුරක්ෂිත පානීය ජලය සඳහා ඇති අයිතිය සුරකිමු.

drop of water

කර්මාන්ත ශාලා මගින් නිකුත් කරන ලද රසායනික අපද්‍රව්‍ය නිසා කැළණි ගඟ බරපතල ලෙස දුෂණය වී ඇති බව පරිසර සංවිධාන විසින් කරන ලද ස්වාධීන පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ.

ජලයට එක්වූ රසායන ද්‍රව්‍ය නිසා කැළණි ගඟෙන් ජලය ලබා ගන්නා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක වල ජනතාව වකුගඩු රෝග සහ පිළිකා රෝග අවදානමට මුහුණ දී සිටී.

මෙම තත්වයට අදාළ පරීක්ෂණ වාර්තා හෙළිදරව් කරන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් සැප්තැම්බර් 23 සවස 2ට කොළඹ 10, ඩීන්ස් පාරේ, සමාජ සහ සාමයික කේන්ද්‍රයේදී (CSR) හිදී පැවැත්වේ.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයද නිදහස් ජල අයිතිය සඳහා ජනතා ව්‍යාපාරය සමග එක්ව එම මාධ්‍ය සාකච්ඡාවට සම්බන්ධ වන අතර පරිසරවේදීන්, නීතීඥයන් සහ පීඩාවට පත් ජනතාවගේ නියෝජිතයන් එයට සහභාගී වනු ඇතැයි එම පක්ෂය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.