මැතිවරණ දැන්වීම් ගැන අහන්න කොමිසම මහින්දගේ ගෙදරට 

mahinda

බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ප්‍රශ්ණ කිරීම සඳහා අද (23) සවස මිරිහානේ නිවසට ගොස් තිබේ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් රජයට අයත් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුළු මුදල නොගෙවීම නිසා ස්වාධීන රූපවාහිනියට රුපියල් කෝටි දෙකක් පාඩු කිරීමට අදාළවද  ජනාධිපති ධූර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රචාරක දැන්වීම් පළ නොකොට ඒවා සඳහා අය කළ මුදල් ආපසු ගෙවනු ලැබීමෙන් ආර්ථික වශයෙන් පාඩු කිරීමට අදාලවද පරීක්ෂණ සිදු කෙරිණි.

ස්වාධීන රුපවාහිනී ආයතනයේ (ITN) සභාපති පදවියේ කටයුතු කළ රොස්මන්ඩ් සේනාරත්න ඉන් ඉවත් කොට එම පදවියට අනුර සිරිවර්ධන පත් කරනු ලැබීම පිළිබඳවත් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කෙරුණු බව බරපතල වංචා දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග පවසයි.

Leave a Reply