ගම්පහ කොටදෙණියාවේදී ඝාතනය කර තිබූ පස් හැවිරිදි සේයා දැරියට සාධාරණයක් ඉටුකරන්නයි ඉල්ලා ඊයේ (22) දින යාපනයේදී විරෝධතාවන් පැවැත්වුණි.
යාපනය සරසවි සිසුන් විසින් ඊයේ පෙරවරුවේ මෙම විරෝධතාවය පවත්වා තිබුණි. දරුවන් සහ කාන්තාවන්ට සිදුවන හිරිහැර සමාජයෙන් තුරන් කිරීමට නීති දැඩි කළ යුතු බවත්, දැරිය ඝාතනය කළ අපරාධකරුවන්ට නිසි දඞුවම් ලබාදිය යුතු බවට විරෝධතාකරුවන් එහිදී ඉල්ලා සිටියහ.
මේ අතර, අලවෙටි විනායගර් ක්‍රීඩා සමාජයද දැරියගේ ඝාතන සිද්ධියට විරෝධය පළකරමින් පාගමනක් සංවිධානය කර තිබුණි.

අලවෙටි විනායගර් ක්‍රීඩා සමාජයේ සිට ආරම්භවූ පාගමන තෙල්ලිපලයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් අවසන් වූ අතර ප්‍රාදේශිය ලේකම් කේ. ශ්‍රීමෝහන් මහතා වෙත පෙත්සමක් බාරදීමට විරෝධතාකරුවන් ක්‍රියා කළහ.