ශී‍්‍ර ලංකාවට අයිති මුහුදු කලාපයේ ඉන්දීය ධීවරයින් දිගින් දිගටම බලහත්කාරයෙන් පැමිණ මසුන් මැරීමට එරෙහිත් ඉන්දියාව විසින් යෝජනා කර ඇති තමිල්නාඩු ධීවරයන් සමග එම ප‍්‍රදේශයේ මසුන් ඇල්ලීම පිළිබදව සාකච්ඡුා කිරීම සදහා පැවැත්වීමට අදහස් කර තිබෙන සාකච්ඡුා සදහා තමන් සහභාගී නොවන බව උතුරු පළාත නියෝජනය කරන යාපනය හා කිළිනොච්චි ධීවර සමිති විසින් තීරණය කර ඇත.
මේ අනුව එම ඉන්දීය යෝජනාවට විරෝධය පා විරෝධතා උද්ඝෝෂනය ලබන බදාදා යාපනයේදී ආරම්භ කරන බව කිලිනොචිචි ධීවර සමිති නියෝජනය කරමින් අදහස් දක්වා ඇති විනයාර්ගමූර්ති සත්‍යදේවන් පවසා ඇත්තේ ඉන්දියාව විසින් යෝජනා කරන ලබන තමිල්නාඩ ධීවරයන් හා යාපනය ධීවරයන් අතර පමනක් කෙරෙන සාකච්ඡුා සදහා තමන් සහභාගී නොවන බවය.
එම සාකච්ඡුා සදහා ශී‍්‍ර ලංකා රජයේ හා ඉන්දීය රජයේ නියෝජිතයින්ද සහභාගී වියයුතු බව තමන් අදහස් කරන බව ඔවුන් වැඩිදුරටත් වසා ඇත. එසේ නොමැතිව අදාල පාර්හවයන් දෙකේ ධීවරයන් පමණක් සහභාගීවී කරනු ලබන සාකච්ඡුා සදහා මින් ඉදිරියට තම ධීවර නියෝජිතයින් සහභාගීනොවන බව සත්‍යදේවන් පවසා ඇති අතර ලබන බදාදා එම තත්වය ඉන්දියාවට දැන්වීම සදහා තමන් උතුරු ප‍්‍රදේශයේ ධීවර ප‍්‍රජාවගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් ආරම්භ කරන බවද වැඩිදුරටත් පවසා ඇත.
පසුගිය සතියේ දෙරට අගමැතිවරුන් හමුවූ අවස්ථාවන් ආසන්නයේ ඉන්දීය ධීවරයන් වැඩි වශයෙන් ලංකාවේ මුහුදු සීමාවේ මාලු ඇල්ලීමට පැමිණ සිටි බව තම ධීවරයන්ට නිරීක්ෂණයවු බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.