අස්වැන්නට සාධාරණ මිලක් ලබාදීම

මේ කැරලි මර්දන පොලිස් භටයන් පිදුරුවලින් වැසී ගියේ සැප්තැම්බර් 14 වැනිදා උද්ඝෝෂණයේ යෙදුණු ගොවීන්ට බාධා කිරීමට උත්සාහ කිරීමේදීය. සිය අස්වැන්නට සාධාරණ මිලක් ඉල්ලා බෙල්ජියමේ, ප‍්‍රංශයේ සහ ජර්මනියේ ගොවීහු එදින බ‍්‍රසල්ස් නගරයේ වීදි කැලඹුහ. ඒ ලංකාවේ ගොවීන් අනුරාධපුරයේ සහ අම්පාරේ සහතික මිලට වී ගන්නැයි උද්ඝෝෂණය කරන අතරවාරයේය. යුරෝපයේ ගොවි උද්ඝෝෂණය ගැන යුරෝපා සංගමය නිල වශයෙන් පවසා තිබුණේ ඔවුන් ‘ගොවීන් මුහුණ පා සිටින දුෂ්කර තත්වය ගැන හොඳින් දන්නා’ බවය. ලංකාවේ පාලකයෝ කියන්නේත් එයමය. බලාගෙන යන විට ලෝකයේ කොහෙත් වැඩකරන ජනතාවගේ ප‍්‍රශ්නය එකමය, පාලකයන්ගේ ප‍්‍රතිචාරයත් එකමය. අරගලය ජාත්‍යන්තර එකක් බව අප කියන්නේ ඒ නිසාය.