එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වැනි මහ සමුළුව ඇමතීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (23) අමෙරිකාව බලා පිටත් ව ගියේය.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක්ද මෙම සංචාරයට එක්විය.
සැප්තැම්බර් 30 වැනි දා නිව්යෝර්ක් වේලාවෙන් පෙරවරු 09.45 ට ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතීමට නියමිතය.