කඩුවෙල උසාවියේ වෙඩි – දෙදෙනෙක් පැන යයි, සමයන්ට තුවාලයි 

samayan

අද (23) දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය තුළ සිදු වූ වෙඩි තැබීම අතරතුර පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් දෙදෙනෙක් පළා ගොස් තිබේ.

ඔවුන් දෙනො ඝාතන සිද්ධියක සැකකරුවන් දෙදෙනෙක් බවත් ඔවුන් දැදිගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් වාර්තා වේ. ඔවුන් සෙවීම සඳහා පොලිස් හා බන්ධනාගාර කණ්ඩායම් කිහිපයක් මෙහෙයුමක් අරම්භ තිබේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ අද දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් උසාවි ගෙනා සැකකරුවෙක් වන “සමයන්” නැමැත්තෙකු තුවාල ලැබූ අතර ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.

 

Leave a Reply