ඝාතනය කරන ලද සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික‍්‍රමතුංග හා අතුරුදහන් කර ඇති ප‍්‍රදීප් එක්නැලිගොඩ යන මාධ්‍යවේදීන් දෙනොගේ සිද්ධි සම්බන්ධයෙන් වන සී.අයි.ඩී විසින් පිළියෙල කළ විමර්ශන වාර්තාවක් ඉතා ඉක්මණින් ජනාධිපිවරයාට බාරදීමට කටයුතු කරමින් සිටින බව මාධ්‍ය විසින් හෙළි කර තිබෙ.
එම මාධ්‍ය වාර්තාවන්ට අනුව අපරාධ පරීක්ෂණ දේපාර්තමෙන්තුව විසින් පසුගිය කාලය තුල අවස්ථා කිහිපයකදී සිදුව ඇති මහත් අන්දෝලනයට ලකවූ ඝාතනයන් හා අතුරුදහන් කිරීම් කිහිපයක් ගැනද විමර්ශන තොරතුරු සහිත වාර්තාවක් ඉතා ඉක්මණින් ජනාධිපතිවරයා අතට පත්කිරීමට නියමිත බව වාර්තාවෙ.
පසුගිය කාලය තුල සිදුවූ රටතුලත් ජාත්‍යන්තරවත් විශේෂ අවධානයට ලක්ව තිබෙන සිදුවීම් කිහිපයක් පිළිබදව අදාල විමර්ශන කටයුතුවල විශේෂ වාර්තාවක් ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා විසින් පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුවෙන් ඉල්ලා තිබුනි.
මෑතකදී අපරාධ පරීක්ෂණ දේපාර්ථමෙන්තුව මගින් ප‍්‍රදීප් එක්නැළිගොඩ පැහරගෙනයාමට සම්බන්ධයැයි සැකකරන යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකුගෙන් ද මේ සිදුවීම් ගැන ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දේපාර්ථමේන්තුවට කැදවා තිබුනි.