රැකියා ඉල්ලා වයඹ පළාත් උපාධිධාරීන් උද්ඝෝෂණයක

CAUG-sabaragamuwa-protest-20150624-01

ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින්  ඊයේ දින (සැප්: 22) වයඹ පළාත් උපාධිධාරීන් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය හා එක්ව පළාත් පුරප්පාඩු පුරවන ලෙසත් සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදෙන ලෙසත් බලකරමින් කුරුණෑගල නගරයේදී දී විරෝධතා පා ගමනක් හා උද්ඝෝෂණයක් පවත්වත්වා ඇත.

එම පා ගමන අවසානයේ පළාත් සභාව ඉදිරිපිටට පැමිණි උපාධිධාරීන් මහඇමති හා සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටියද සභාව රැස්ව ඇති බැවින් මේ මොහොතේ සාකච්ඡාවක් ලබාදීමට නොහැකි බව පොලීසිය විසින් දැනුම්දී තිබේ.

ඊට විරුද්ධ වූ උපාධිධාරීන් සටන් පාඨ කියමින් විරෝධය පළ කළ අතර කෙටි වේලාවකින් පසුව මහඇමති හා සාකච්ඡාවක් ලබාදී ඇත.

මහ ඇමැතිවරයා සමග පැවැති සාකච්ඡාවේදී වයඹ පළාත තුල ගුරු පුරප්පාඩු 2700 ක් පමණ ඇති බවත් එහි බදවා ගැනීම් කඩිනම් කරන බවත් පැවසූ අතර මාසයක් ඇතුළත පළාත් අධ්‍යාපන ඇමැති හා එක්ව මෙම ගැටලු පිළිබද සාකච්ඡාවක් ලබාදීමට එකගවි තිබේ.

ඉන් අනතුරුව උපාධිධාරීන් මාසයක් ඇතුළත රැකියා නොලැබේනම් පළාත් සභාව ඉදිරිපිට අඛණ්ඩ විරෝධතාවක් පවත්වන බව පවසමින් පිරිස විසිර ගොස් ඇත. අවසානයේ මෙම ගැටලු පිළිබද ජනතාව දැනුවත් කිරීමට ඔක්: 18 දින නැවත සියලු උපාධිධාරීන් සහභාගී වීමටත් එහිදී තීරණය කර තිබේ.