නව අමාත්‍ය විෂය පථයන් වෙන් කළ ගැසට් පත්‍රය නිකුත්වේ

gazzat

නව අමාත්‍යවරුන්ගේ විෂයයන්, කාර්යයන් හා පාර්ලිමේන්තු සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතන ඇතුළත් සුවිශේෂ ගැසට් පත්‍රය මෛත්‍රිපාල සිරිසේන ජනපති අත්සනින් සහිත අද (22) දින නිකුත් තිබේ.

මේ දක්වා නිරාකරණය නොවී තිබූ අමාත්‍යවරුන් බාරයට පැවරෙන විෂයයන් කාර්යයන් හා ආයතන කවරේදැයි එහි සදහන්ව ඇත. යම් ඇමැතිවරයකුට නිශ්චිතව නොපැවරුණු සියලු විෂයයන්, කාර්යයන් දෙපාර්තමේන්තු, සංස්ථා හා ආයතන ජනාධපතිවරයා යටතේ පවතින බවත් වාර්තාවේ.

මෙතෙක් එම විෂයන් නොබෙදීම පිළිබදව මාධ්‍ය මගින් තොරතුරැ හෙළිකර තිබුනි. අවස්ථා කිහිපයකදීම අමාත්‍යවරුන් පත් කිරීමත් හවුල් ආණ්ඩුව තුල එජාපය හා ශ්‍රීලනිප පක්ෂවලට හිමිවිය යුතු අමාත්‍යධුර ගැනත් ඒවාට හිමිවිය යුතු විෂය කරුණු බෙදීම ගැන විවිධ මතගැටුම්  දෙපාර්ශවය තුලම මතුව තිබේ.

අමාත්‍යවරුන් දිවුරැම්දී සති කිහිපයක්ම ගතව තිබූ නමුත් අදාල විෂය පථය ගැන අවබෝධයක් නොතිබීම ගැන ජනතාවටද යම් ප්‍රශ්නකාරී තත්වයක් මතුව තිබුනි.

අද දින නිකුත් වූ මෙම ගැසට් පත්‍රය මේ වන විට අන්තර්ජාලයට ඇතුළත් කර ඇත.

 

Leave a Reply