නිපුණතා සංවර්ධන හා වාත්තීය පුහුණු අමාත්‍යංශය යටතේ පැවැති ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය හා ඊට අනුබද්ධිත සියලූම තොරතුරු තාක්ෂණ ආයතන මෙන්ම ශ්‍රී ලංකා උසස් තාක්ෂණ ආයතන උසස් අධ්‍යාපන සහ මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ලට පැවරීම සම්බන්ධයෙන් නිපුණතා සංවර්ධන හා වාත්තීය පුහුණු ඇමති මහින්ද සමරසිංහ විරෝධය පල කරයි.
මීට පෙර නිකුත්වූ අමාත්‍යංශ විෂය පථ තීරණය කිරීමේ ගැසට් නිවේදනයේ තමන් සතුව තිබු ආයතන නව ගැසට් නිවේදනයක් හරහා යළි පවරා ගැනීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස තමාගෙන් කිසිදු අයෙක් විමසීමක් නොකළ බවට මහින්ද සමරසිංහචෝදනා කරයි.
අමාත්‍යංශ මෙන්ම ආයතන පවරා දී මසකට වැඩි කාලයක් ගතවීමෙන් අනතුරුව මෙවැනි ක්‍රියාවක් සිදු කිරීම කනගාටුවට කරුණක් බව අමාත්‍ය මහින්ද සමරසිංහ මාධ්‍ය වලට පැවසීය.
මෙවැනි තීරණ ගන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කළ ඔහු තමන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පැමිණිලි කර ඇති බවද පැවසීය. නව ගැසට් නිවේදනයද නිකුත් කර තිබුනේ ජනාධිපතිවරයාගේ අත්සනින් බව ජනරළ වාර්තා කරයි.
හර්ෂනී රාජකරුණා