මාලදිවයිනේ උප ජනාධිපති අහමඩ් අඩීබ් අත්අඩංගුවට ගනී

adeeb

ඊයේ මාලදිවයිනේ ආරක්ෂක අංශ එරට උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගත් අතර මේ වන විට දැඩි ආරක්ෂාව යටතේ රුඳවියන් සඳහා වෙන්ව තිබෙන වෙනම දූපතක රඳවා තබාගෙන සිටින බව වාර්තාවේ.

මීට පෙරද පුද්ගලයන් දෙදෙනෙකු මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන තිබුනි.

පසුගියදා මාලදිවයින් ජනාධිපතිවරයා වන යමීන් අබ්දුල්ලා ගයූම් ගමන් කරමින් සිටි බෝට්ටුවේ සිදුවූ පිපිරීම ජනාධිපතිවරයා ඝතනය කිරීමේ අරමුණෙන් සිදුකළ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට යැයි මෙසේ උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.