සර්ප විෂට බෙහෙතක් පේරාදෙණිය සරසවියෙන් සොයා ගනී

pera

පේරාදේණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ඉන්දික ගවරම්මාන ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් වසර 04ක්  පුරා සිදුකළ පර්යේෂණයකින් පසුව සර්ප විෂ නසන නව ඔෂධයක් සොයා ගැනීමට සමත්ව ඇත. එහි සාර්ථකත්වය නිසා මෙම නව සොයාගැනීම පිළිබදව මාධ්‍ය මගින් ඊයේ හෙළිකර තිබුනි.

මේ වන විට මෙරටට සර්පයන් දෂ්ඨ කිරීමෙන් පසු ප‍්‍රතිකාර සඳහා යොදාගනු ලබන්නේ විදේශයන් විසින් ගෙනවන ලද මිල අධික ඖෂධ වර්ගයන්ය මේ පිළිබදව තම සරසවිය වසර හතරක් තිස්සේ දේශීය ඖෂධයක් නිෂ්පාදනය කිරීමේ පරයේෂණවල නියැලිසිටි බවත් මේ වන විට එම පර්යේෂනය සාර්ථක ප්‍රථිපළ අත්කරගෙන තිබෙන බව එහිදී මහාචාර්යවරයා හෙළිකර ඇත.

දැනට ලංකාවේ භාවිතා කරන ඖෂධවල සාර්ථකත්වයට වඩා සිව් ගුණයකින් මෙම නව ඖෂධය ක්‍රියාත්මක වන බවද එහිදී මහාචාර්යවරයා වැඩිදුරටත් පවසා ඇත. රෝගීන්ට එම ඖෂධ ලබාගැනීමෙන් පසුව ඇතිවන අතුරුආබාධ තත්වයද බොහෝසේ අඩු බවද සිය පර්යේෂණ මගින් සනාථව ඇති බවද එම මාධය හමුවේදී අවධාරණය කර ඇත.

මෙම මාධ්‍ය හමුව සදහා පෙරාදෙණීය විශ්ව විද්‍යාලයේ උප කුලපති  උපුල් දිසානායකද සහභාගීවි සිටි අතර එහිදී උපකුලපතිවරයාද නව සොයාගැනීම පිළිබදව සිය අදහස්ද පළකර තිබුනි.