කියුබාවේ හා සිරියාවේ ජනතාව වෙනුවෙන් පෙ.ස.ප. උද්ඝෝෂණයක් 

cuba siriya

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ආර්ථික සහ දේශපාලන සම්බාධක පනවා කියුබානු ජනතාවට එල්ල කරන පීඩාවටත්, සිරියාව තුළ යුද්ධයකට මැදිහත් වෙමින් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් කරන ජන සංහාරයටත් එරෙහිව ඔක්තෝබර් 28වැනිදා කොළඹදී උද්ඝෝෂණයක් පවත්වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

කියුබාවට එරෙහි සම්බාධක තවදුරටත් පවත්වාගෙන යාම තීරණය කරන යෝජනාවක් 28වැනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී සාකච්ඡාවට ගැනීමට නියමිතය.

අධිරාජ්‍යවාදී පිටුබලය ලබන යුද්ධය නිසා සිරියානු ජනතාව මිලියන ගණන් සරණාගතයන් ලෙස රටින් පලායන අතර එය යුරෝපය තුළ අර්බුදයක්ද උද්ගත කර තිබේ.

ලොව පුරා කෙරෙන අත්තනෝමතික අධිරාජ්‍යවාදී මැදිහත්වීම් වලට එරෙහි සෑම දෙනාටම 28වැනිදා දහවල් 12ට කොළඹදී උද්ඝෝෂණයට සම්බන්ධ වන ලෙස තමන් ආරාධනා කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රකාශකයෙකු ජනරළට පැවසූ බව එම පුවත්පත වාර්තා කරයි.

හර්ෂනී රාජකරුණා