සභාපති නොමැතිව කොප් කමිටුව නම් කරයි

parliyament

පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු පත් කර තිබේ.

අමාත්‍යවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, වසන්ත අළුවිහාරේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පීග පෙරේරා, රංජන් රාමනායක, අශෝක අබේසිංහ සහ මන්ත්‍රීවරුන් වන චන්ද්‍රසිරි ගජධීර, සුනිල් හදුන්නෙත්ති, බිමල් රත්නායක, එම්.ඒ. සුමන්දිරන් සහ ඥානමුත්තු ශ්‍රී නිවාසන් යන මන්ත්‍රීවරුන් කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස පත් කර ඇත.

මේ පිළිබඳව කතානායකවරයා 23 වැනිදින පාර්ලිමේන්තුවට දැනුම් දී තිබුණථ් මේ දක්වා සභාපති ධූරයට කිසිවෙකුත් පත් කර නොමැත.

පසුගිය පාර්ලිමේන්තුව විසින් පත්කරන ලද කොප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපිත් කිරීමට නියමිත දිනට දිනයකට කලින් යහපාලන ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කළේය.

එයට මූලිකම හේතුව ලෙස දක්වන්නේ මහ බැංකු වේ සිදුකැන ලද මහා පරිමාණ භාණ්ඩාගාර බැඳුම්කර ගණුදෙනුව පිළිබඳව කෝප් කමිටු වාර්තාව මගින් හෙළිවීම වැලැක්වීමේ වුවමණාව බවය.

Leave a Reply