නිදහන් හෑරුවයි චෝදනා ලත් හිටපු ඩී.අයි.ජී. තවදුරටත් රිමාන්ඩ්

dig

නිධන් හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යු.කේ. දිසානායක හා ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ  වව්නියාව මහේස්ත්‍රාත් වී. රාමකමලන් විසින් නියෝගය ඇති බවවාර්තාවේ.

ඊයේ එම සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරු විසින් නියෝජ්‍ය පොලිස්පතිවරයාට හා ප්‍රධාන පොලිස්පතිවරයාට ඇප ලබා දෙන ලෙස ඉල්ලා සිටියත් එම ඉල්ලීමට පැමිණිලිකාර පාර්ශවයේ නිතිඥවරයා විසින් සිය විරැද්ධත්වය දැක්වීම හේතුවෙන් ඇප ලබාදීමට නොහැකි බව මහේස්ත්‍රාත්වරයා පවසා ඇත.

මෙම නඩුවේ තවත් විත්තිකරුවන් කිහිපදෙනෙකු පසුගියදා ඇප මත නිදහස් වූ අතර දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අධිකරණයට සිය නීතිඥයින් මගින් බාරවිය.

 එම නිදන් හෑරීමේ සිදුවීමට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට ප්‍රකාශයක් ලබාදුවන් බව කියන  වව්නියාව පොලීසියට අනුයුක්තව සිටි පොලිස් සැරයන් වරයකු එම ප්‍රකාශය ලබාදීමෙන් දිනකට පසුව අතුරුදහන්ව ඇතැයි ඔහුගේ බිරිද විසින් පසුගියදා පොලිසියට පැමිණිලි කර තිබුනි.

මේ පිළිබදව ජනාධිපතිවරයාගේ අවධානය යොමුකර ඇති අතර ජනාධිපතිවරයා විසින් පොලිස්පති වරයාට නියෝගකර ඇත්ත‍ේ එම අතුරුදහන්වීම පිළිබදව වහාම පරීක්ෂණයක් සිදුකොට අදාල තත්වය වාර්තා කරන ලෙසය.

පසුගිය රාජපක්ෂ පාලන සමය තුල විශේෂයෙන් නිදන් හෑරීම සමබ්නධයෙන් වූ විශාල ආන්දෝලනයක් තිබුනි. රටපුරා විවිධ ස්ථානවල මෙවැනි සිදුවීම්ද යම් ප්‍රමාණයකට හෙළිවිය. නමුත් ඒ පිළිබදව විදිමත් පරීක්ෂනයක් සිදුනොවුනි.