තීරණ ගන්නා අවස්තාවලදී අමාත්‍ය මණ්ඩලය ඉදිරියේ නිහඩව සිට මාධ්‍ය තුළ වීරයෙකු වීමට උත්සාහ දරන බවට නිපුණතා හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා හට චෝදනා කළේය.
ඔහු මෙම අදහස් පළ කළේ මත්තල ගුවන් තොටුපලේ ගබඩා සංකීර්ණය තුළ වී ගබඩා කිරීම නවතා දැමීමට ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ගත් තීරණයට පිළිතුරු ලබා දෙමිනි.
මත්තල ගුවන් තොටුපලේ යම් ගැටලූකාරී තත්ත්වයක් ඇත්නම් එය අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර විසඳා ගත යුතු බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර තවදුරටත් පැවසීය. කිසිදු මූල්‍ය වටිනාකමක් නොමැති භූමියක් නඩත්තු කිරීමෙන් රටට අහිතකර ප්‍රතිඵල අත්විය හැකි බවද ඔහු මාධ්‍ය වෙත පැවසීය.
පාලිත රංගේ බණ්ඩාර නිමල් සිරිපාල ද සිල්වාට මෙවැනි ප්‍රහාරයක් එල්ල කළේ අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමකට අනුව යැයි දේශපාලන ක්ෂේත්‍රයේ කතා බහක් පවතී.