එස්.බී. මහින්දට එරෙහිව පොල්ල අතට ගනී

sb

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයද ඇතුළු ඉදිරි මැතිවරණ  ශ්‍රීලනිපය ඇතුළු නිදහස් සන්ධානය ජය ගැනීමට නම් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත්ව පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට උදව් කළ යුතු යයි ඇමති එස්.බී.දිසානායක මහතා පවසයි.

පසුගිය මහමැතිවරණය සන්ධානය පරාජය වුයේ මහින්දගේ නායකත්වය නිසා බවද, ඉදිරි මැතිවරණය ජයගන්නට නම් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයැවීය යුතු බවද එස්.බී. දිසානායක පැවසුවේ පසුගිය සතියේ උත්සව සභාවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල බලය තහවුරු කර ගැනීමට මෛත්‍රීපාල මහින්දට එරෙහිව එස්.බී. යොදා ගනිමින් සිටීම පසුගිය සතියේ කතා බහට ලක්විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ජනාධිපතිවරයා විසින් පවරා ඇත්තේද එස්. බී. දිසානායකටය.

ඔහු පසුගිය මැතිවරණයෙන් පරාජය වුවත් ජාතික ලැයිස්තුව හරහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඇතුලත් කර ගන්නා ලද බව ජනරළවාර්තා කරයි.