මත්තල වී ගබඩා – නිමල්ගෙන් රනිල්ට ටොක්කක්

nimal

හවුල් ආණ්ඩුව තුල මෝරමින් තිබෙන බල අරගලය නව මට්ටමකට ඔසවා තබමින් ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා අගමැති රනිල් වික්‍රමසිංහගේ තීරණයක් ඇමති බලතල භාවිතා කර අවලංගු කළේය.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගබඩා සංකීර්ණය තුළ වී ගබඩා කිරීමේ කටයුතු වහාම කි‍්‍රයාත්මක වන පරිදි නවතා දැමීමට 18වැනිදා එම ගුවන් තොටුපලේ වර්තමාන මෙහෙයුම් කටයුතු පිළිබඳව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා තීරණය කළේය.

එහිදී නිළධාරීන් විසින් ලබා දුන් තොරතුරු අනුව මෙම ගබඩා සංකීර්ණය තුළ වී ගබඩා කිරීම ගුවන් තොටුපලකට උචිත නොවන බව පැහැදිලි කළ ඇමතිවරයා ඉතා කඩිනමින් මෙම වී තොග ඉවත් කර ගැනීමට කටයුතු කර ගන්නා ලෙසට වී අලෙවි මණ්ඩලයට සහ ගුවන් තොටුපල අධිකාරියට දැනුම් දුන්නේය.

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගබඩා සංකීර්ණය තුළ වී ගබඩා කිරීමේ තීරණය ගනු ලැබුවේ අගමැතිවරයා බව ජනරළ වාර්තා කරයි.