විෂය නොදැන ඇමතිවරු අතරමං 

3 absent

නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිව්රුම් දුන්නද අමාත්‍යංශ වලට අයත් විෂය පථයන් වෙන් කිරීමේ ගැසට් පත‍්‍රය නිකුත් කිරීම ප්‍රමාද වීමත් සමග අමාත්‍ය ධුර වල දිවුරුම් දුන් මැති ඇමතිවරුන් සිය රාජකාරී ආරම්භ කිරීමේ ගැටළුවකට මුහුණ පා ඇති බවට අමාත්‍යාංශ රැසක ආරංචි මාර්ග අනාවරණ කරයි.

අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වැඩිදෙනෙකු පසුගිය සතියේදී සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කළ ද තමන්ට අයත් විෂය පථය කුමක්දැයි නොදැනීමේ තත්ත්වය මත පදනම්ව ඔවුන් අතර යම් නොසන්සුන්තාවයක් හට ගෙන ඇති බවද එම ආරංචි මාර්ග වාර්තා කරයි.

විෂය පථයන් වෙන් කිරීමේ ගැසට් පත‍්‍රය සැප්තැම්බර් 15වැනිදා රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීමට මීට පෙර සැලසුම් කර තිබුනත් එය තවදුරටත් ප්‍රමාදවූ අතර දැන් ආණ්ඩුව පවසන්නේ එය සැප්තැම්බර් 18දින නිකුත් කිරීමට නියමිත බව ජනරල වාර්තා කරයි.

වජිර තෙන්නකෝන්

Leave a Reply