පාර්ලිමේන්තුව අනුමත කළොත් මරණීය දණ්ඩනය යළි ගේනවා – ජනාධිපති

meitri

ලබන වසරේ සිට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ ගාල්ල නගර ශාලාවේ පැවැති රුස්වීමකදී පවසීය.

සමජායේ විවිධ පාර්ශවයන්ගෙන් මෙම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට දැන් කාලය පැමිණ ඇති බවට වන හඩක් නැගෙන බැවින්ද ඊටත් වඩා  රටතුල සිදුවන ළමා අපචාර හා අනෙකුත් මත්ද්‍රව්‍ය වලට වරදකරැවන් වන අයට විරැද්ධවය ලබන වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබුනි.

එහෙත් එම නියෝගය කියාත්මක කිරීමට තමාට පැවැරී ඇති බල තල අනුව හැකියාව තිබුනත් ඒ ගැන පාර්ලිමේන්තුවේ මතය විමසීමට තමා ඉදිරියේදී කටයුතු කරන බවද එහිදී  ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා තිබුනි.

සමාජය තුල යම් යම් සිද්ධිමය කරුණුවලට ඇතිවන අවේගශීළි හැගීම් ලෙස මතුවන මෙම ඉල්ලීම් ඉටුකළ පමණින් සමාජය තුල ඇති සමාජමය හා සංස්කෘතික කඩාවැටීමේ  සමස්ත අර්බූදයන්ට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමෙන් අවසන් කිරීමට නොහැකි බව මේ වන විටත් මරණ දඩුවම ක්‍රියාත්මක රටවල් පත්ව තිබෙන තත්වයෙන් පෙනෙන්නේ මරණීය දණ්ඩණය කියාත්මක කලත් අපරාධ හා ස්ත්‍රීදූෂණ අඩුනොවන බවයි.

Leave a Reply