පක්ෂ නායක රැස්වීම උණුසුම් – රනිල්, මෛත්‍රීපාල විශේෂ හමුවක්

News

අද (20) පෙරවරුවේ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණු අතර එය නොසන්සුන්තාවයෙන් යුතු වූ බව වාර්තා වේ. මේ නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වූ බව වාර්තා වේ.

මෙම හමුවේදී මේ මොහොතේ පවත්නා උණුසුම් දේශපාලන වාතාවරණය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා හා ජනාධිපතිවරයා සාකච්ඡා කළ බව වාර්තා වේ.