පෙරටුගාමී සාමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අඛණ්ඩ විරෝධතාවක් 13 වනදා කොළඹ කොටුවේදී ආරම්භ කිරීමට නියමිත බව එහි දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව පවසයි.
කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගැනීමට එරෙහිවත් ඔහුගේ ලංකාවේ පුරවැසිභාවය පිළිගන්නා ලෙස බල කරමින් පසුගිය 11 දා කෑගල්ලේදීද උද්ඝෝෂණයක් පැවැති අතර. ලංකාවට සමාන්තරව පසුගිය 6 වෙනිදා එක්සත් රාජධානියේද, නොවැම්බර් 7 දා ඉතාලියේ වෙරෝනා හිදීද, නොවැම්බර් 12 දා ප‍්‍රංශයේදීද, විරෝධතා සංවිධානය කළ බවත් ඒ සඳහා එම රටවල වාමාංශික පක්ෂ මෙන්ම විදෙස්ගත ලාංකිකයන්ද සම්බන්ධ වූ බව දුමින්ද නාගමුව පැවසීය.