මුස්ලිම් කොංග‍්‍රසය හා ටී.එන්.ඒ තනිව තරග කරයි

vote

ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය හා ද්‍රවිඩ ජතික සන්ධානය එලැඹෙන අගෝස්තු මහ මැතිවරණයට තනි තනිවම එන බව මැතිවරණ කොමසාරිස්ට දන්වා යවා ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් අද මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය රැස්වීමට නියමිත බව එම පක්ෂයේ ආරංචිමාර්ග පවසයි.

මේ අනුව බොහෝවිට එලැඹෙන මහ මැතිවරණයට මෙම පක්ෂ දෙකම තනි තනිව තරගවැදීමට නියමිත අතර, ඉදිරි දේශපාලන වර්ධනයන් අනුව ආණ්ඩුවක් පිහිටුවීමේදී මීට පෙර මුස්ලිම් කොංග්‍රසය රජුන් තනන්නා ලෙස තම භූමිකාව නැවත පෙන්වීමේ අදහසක සිටින බව පෙනේ.

එක්සත් ජාතික පක්ෂය හෝ ශ්‍රීලනිප යන පක්ෂ දෙකටම තම පාර්ලිමේන්තු නියෝජනය  උපයෝගීකරගෙන ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටුවීමට නියමිත ආණ්ඩුවකට විශාල බලපෑමක් කිරීමේ හැකියාව අත්පත් කර ගැනීමේ අරමුණෙන් මෙම තීරණය තිබේ.

ඒ අනුව මුස්ලිම් කොංග‍්‍රසය තම නිල පක්ෂ ලකුණ වන ගස ලකුණෙන්ද,ද්‍රවිඩ ජාතික සංධානය නිවස ලකුණෙන්ද  එළැඹෙන මහ මැතිවරණයට තරගවැදීමට නියමිත බව වාර්තාවේ.

Leave a Reply