මහින්ද මහ මැතිවරණයට එනබව කියයි

SLFP-broken

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තමන් තරගවදින බව මහින්ද රාජක්ෂ අද මැදමුලනේදී පවසා ඇත.

ඒ අනුව ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයකු ලෙස ඔහු ඉදිරිපත්වනු ඇත. නමුත් ඔහු මැතිවරණයට ඉදිරිපත් වන්නේ කුමණ පක්ෂයෙන්ද යන්න මාධ්‍ය වෙත ප‍්‍රකාශ නොකලේය.

මේ වනවිට ශී‍්‍රලනිපය තුල හා එක්සත් ජනතා සංධානය තුල මෛති‍්‍ර පාර්ශවය හා මහින්ද පාර්ශවය ලෙස නොනිල වශයෙන් දෙකඩවී තිබේ.

ශී‍්‍රලනිපය මෛතී‍්‍රගේ නායකත්වය යටතේ පැවැතියද එක්සත් ජනතා නිදහස් සංධානයේ විධියක සභාවේ බහුතර බලය මෛතී‍්‍ර පාර්ශවයට නොමැති නොමැති තත්වයක් මේවන විට උද්ගතව ඇත.

රට තුල දේශපාලන තත්වය වෙනස් මානයක් දක්වා නැවත වර්ධනය වන බවට කරුණු පෙළගැසෙමින් තිබෙන බවපෙනී යයි. මහින්ද ඉදිරි මැතිවරණයට එනවානම් තමන්ද ඉදිරි මැතිවරණයට එන බව මේවනවිට හිටපු ජනාධිපතිනය වන චන්ද‍්‍රිකාද ප‍්‍රකාශ කර ඇත.

ඒ අනුව පෙනී යන්නේ නැවත ශී‍්‍රලනිප බලඅරගලයක් තුල සිරවන තත්වයකි. මෛතී‍්‍ර ජනාධිපතිවරණයට ගෙන රනිල් මෙම තත්වය අපේක්ෂා කළේය. ඔහුගේ එම ඉලක්කය මේවන විට සාර්තක වන බව දැන් සිදුවන දේශපාලන චලනයන්ට අනුව පෙනී යයි.

ශී‍්‍රලනිපය යනු 1994 වසරේ සිට මේ දක්වා වසර විස්සක් බලය හොබවයි. එම වසර විස්සක කාලය තුල චන්ද‍්‍රිකාද මහින්දද තම සිතැගි අනුව රට පලනය කිරීමට කටයුතු කල අතර ගතවුනු අවුරුදු විස්සක කාලය තුල මහාපරිමාන වංචා දූෂණ අතින් හිනිපෙත්තට නැග තිබුනි.

හිටපු ජනාධිපතිවරුන් මේ වලිකන්නේ රටට කොරන්නට නොව නැවතත් තම තමන්ගේ පැරනි පුරුදු පාලනය තම අතට ගැනීමටය.

Leave a Reply