නාගරික අපද්‍රව්‍ය, මානව ඛේදවාචකවලට මගපාදමින් කදුගැසීමට එරෙහිව ගෙනයන විරෝධතා මර්දනය කිරීමට ජනාධිපතිවරයා විසින් කසළ බැහැර කිරීම අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම විශේෂ ගැසට් නිවේදනය අනුව, අපද්‍රව්‍ය බැහැර කිරීම, ප්‍රවාහනය, තාවකාලිකව ගබඩා කිරීම ආදිය වැළැක්වීම, ප්‍රමාද කිරීම හෝ අවහිර කිරීමට තැත් කිරීම වරදක් බව ප්‍රකාශ වී තිබේ. එසේම එවැනි ක්‍රියාවන් සඳහා බලපෑම් කිරීම, ජනතාව ප්‍රකෝප කිරීම හෝ අන් අන්දමකින් පෙළඹවීම මගින් අපද්‍රව්‍ය බැහැර කිරීමේ සේවාවන්ට බාධා කිරීමද ඒ සඳහා ලිඛිතව හෝ වාචිකව බලපෑම් කිරීමද දඬුවම් ලැබිය හැකි වරදක් බව ජනාධිපතිවරයාග් ගැසට් නිවේදනයේ සඳහන් කර තිබේ. කසළ කදුගැසීමට එරෙහිව මහජන විරෝධතා උත්සන්න වූ ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙම විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
කසළ කලමනාකරණයේ ප්‍රශ්නය නොවිසදා ජනතාව මත කසළ කදු පැටවීම මීතොටමුල්ල ඛේදවාචකයේ මූලය විය. කසළ කන්දේ ඛේදවාචකය සිදු වූ පසුව පසුගියදා ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ නායකයන් කීවේ එම ඛේදවාචකයේ වගකීම භාරගන්නා බවයි.
මීතොටමුල්ලේ විනාශයෙන් පසුවවත් කසළ ගැටලුව විසදන ලෙස ජනතාව විසින් කළ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස ආන්ඩුව මර්දන නීති කැදවමින් සිටී. මහින්ද රාජපක්ෂ පාලනය සමයේ දැඩි ලෙස උද්ගතවූ අතර ජනතාව මර්දනය ගෙන ඒම මිස විසදුමක් ලැබුනේ නැත. එහිදීද සිය වගකීම අත්හල ඇමැතිවරයකුව සිටි මෛත්‍රිපාල සිරිසේන කසළ කදු ප්‍රහ්නය ජනතාව මත පටවමින් වසර දෙකකුත් මාස හතරක් බකං නිලාගෙන සිටි පසුව මීතාටමුල්ල ඛේදවාචකයෙන් ජීවිත හා දේපළ කැප කලේ පීඩිත ජනතාවය. මේ නිසා කසළ කදු ගොඩගැසීම වෙනුවට විසදුමක් ඉල්ලා රටපුරා විරෝධතා මතු වෙමින් තිබේ. ඒවා මර්දනය කිරීමට ආණ්ඩුව විසින් සුපුරුදු ලෙස කැරලි මර්දන යාන්ත්‍රණයේ පිහිට පතා තිබේ.
ජේ.ආර්.ජයවර්ධන විසින් වැඩ කරන ජනතාව විසින් අයිතින් ඉල්ලා සිටින විටත් රාජය තීන්දුවලට ජනතා විරෝධතා මතුවන විටත් ගෙන ආවේ අත්‍යවශ්‍ය සේවා නියෝග යටතේ මර්දනය කැදවීමය.